ණය ගත් අයට සුබ ආරංචියක් !

Date:

තමන් විසින් දැනට ලබා ගෙන තිබෙන ණය සඳහාත්, ලබා ගන්නට සිටින ණය සඳහාත් ගෙවන්නට වන පොලිය ගැන බොහෝ පාඨකයින් විසින් වරින් වර ප්‍රශ්න අහනවා. මෙය ඒ අයට සුබ ආරංචියක්.

උගස්, ක්‍රෙඩිට් කාඩ් හා බැංකු අයිරා පහසුකම් ණය සඳහා අය කළ හැකි උපරිම පොලිය මහ බැංකුව විසින් නියම කර ඇති බව මීට පෙර අප ඔබට දැනුම් දුන්නා. මහ බැංකුව විසින් අගෝස්තු 25 දින නියෝගයක් නිකුත් කරමින් අනෙකුත් සියලුම වර්ග වල ණය පොලී 3.5% දක්වා වන ප්‍රතිශතයකින් පහත හෙළීමට දැනුම් දී ඇති අතර ඒ සඳහා කාල රාමුවක් ලබා දී තිබෙනවා.

මේ අනුව, දැනට ලබා දී තිබෙන ණය වෙනුවෙන් මෙන්ම අලුතෙන් ලබා දෙන ණය වෙනුවෙන්ද අය කරන පොලී අනුපාතික ඔක්තෝබර් මාසය අවසාන වන විටදී ජූලි මාසය අවසානයේදී පැවති මට්ටමට වඩා අවම වශයෙන් 2.5%කින් අඩු කළ යුතු අතර, දෙසැම්බර් මාසය අවසන් වන විට තවත් 1%කින් අඩු කළ යුතුයි.

මේ අනුව, දැනට ඉහළ පොලියකට ණය ලබා ගෙන සිටින අයගේ ණය වාරික ඉදිරි මාස හතර ඇතුළත සැලකිය යුතු ලෙස පහත වැටීමට නියමිතයි. ඒ වගේම, මෙය අලුතෙන් ණය ගන්න බලාගෙන ඉන්න අයටත් සුබ ආරංචියක්. හදිස්සි නොවී තවත් මාස කිහිපයක් බලා සිටිය හැකිනම් අනිවාර්යයෙන්ම අඩු පොලියකට ණය ලබා ගැනීමට ඉඩ සැලසෙනවා.

කෙසේ වුවද, ණය සඳහා දැනට අය කරන පොලිය 13.5%ට වඩා අඩුනම් මෙම නියෝගය බලපාන්නේ නැහැ. බැංකු විසින් 13.5% සීමාවෙන් පහළට ණය අනුපාතය රැගෙන ඒමට අවශ්‍ය වන්නේ නැහැ.

මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත්, දැනට 17%ක පොලියක් ගෙවන අයෙකුගේ පොලී අනුපාතය ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී 14.5% දක්වාත්, දෙසැම්බර් අවසාන වන විට 13.5% දක්වාත් පහත වැටෙනවා. දැනට ගෙවන පොලිය 15%ක්නම් එය ඔක්තෝබර් අවසාන වන විට 13.5% දක්වා අඩු වන නමුත් ඊට වඩා අඩු වෙන්නේ නැහැ. දැනට ගෙවන්නේ 12% වැනි පොලියක්නම් එම පොලියෙහි වෙනසක් සිදු වන්නේ නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...