විරංජිත් තාඹුගලගේ වත්කම් ගැන CID විමර්ශනයක් !

අවුරා ලංකා සමාගමේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

විරංජිත් තාඹුගල නීතිවිරෝධී ලෙස මුදල් උපයාගෙන ඇති බවටත් මෑතකදී ආරම්භ කළ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් හරහා නීතිවිරෝධී ක්‍රියාවල නිරත වෙමින් සිටින බවටත් පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව ඔහු මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සහ ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...