NPP දිනවන්න පිටරට ඉදලා එනවා නම් ආපහු යන්න එපා, පෝලිම් වල දුක්විදින්න මෙහෙම ඉන්න – රාජිත

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

කුණාටුවේ තිබුණු අලාභහානි තාම ඉවර කරලා නෑ. පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න කියා සිටී.

අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මෙලෙස අනතුරු ඇඟවීමක් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදීය.

“මම මේ සිරිකොත කාර්යාලයට මාධ්‍ය හමුවක් සඳහා එන්නේ වසර හතරකට පසුව. කුනාටුවේ තිබුණු අලාභහානි තාම ඉවර කරලා නෑ. මෙවර ඔබ ඡන්දය ලබාදිය යුත්තේ රනිල් වික්‍රමසිංහට නොව තමන්ටමයි. අද ලංකාව ගෙවන්න තියෙන විදේශ ණය වගේ පස් ගුණයක විනාශයක් කළේ ලංකාවට, ඩොලර් මිලියන 200ක පාඩුවක් මේ එල්ටීටීඊ එකයි ජේවීපී එකයි කළේ. ඡන්ද කිට්ටු වෙනකොට පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්තුරු එන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා ඇඩ්වයිස් දීලා යනවා. එයාලා ගිහින් රෑට ගෙවල්වල ප්‍රවෘත්ති බල බල “හෙල් ඔෆ් අ තින්ග් හැපන් නෝ” කිය කිය බයිට් කාලා විස්කි බීල ඉන්නවා. ඒ අයියලාට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා. ගිය සැරේ කිව්වා අපි අතින් ටිකට් අරගෙන ගෝඨාභයට ජන්දේ දෙන්න ආවේ කියලා. මේ සැරෙත් ඇවිත් අපිට වැඩේ දීලා යන්න. එතකොට ඔබට පුළුවන් කකා බිබී එහේ ඉන්න. එනිසා කරුණාකර ඔය එන මහත්තුරු මෙහේ පදිංචි වෙන්න. අපිත් එක්කම එකට පෝලිමේ ඕගොල්ලොත් හිටගන්න. මෙහෙ ඉඳලා ආපහු ආපු රටට යන්න එපා. එනිසා කරුණාකර ඔය මහත්වරු ඔහේට වෙලා ඉන්න. අපි මේ රට හදා ගන්නම්. අපි දොස්තරලා වෙලත් අපිට අඬගහද්දී ගියේ නෑ. මැරි මැරී බෝම්බ කාගෙන වෙඩි කාගෙන කඳුළු ගෑස් කාගෙන අපි මෙතන හිටියේ මේ රට හදාගන්න. ඒ වගේ කට්ටිය මේ රටට හිටියාම ඇති. රට නෙවෙයි පක්ෂ බේරුණහම ඇති කියලා හිතන කට්ටිය ඉන්නවනම් ඒ ඔළුවේ අමාරුවට බෙහෙත් නෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...