ආදායම් වර්ධනය සියයට සියය ඉක්මවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 28, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 දෙසැම්බර් 31 දා අවසන් වූ මුදල් වර්ශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් බිලියන 12.1 ක ශුද්ධ ආදායමක් වාර්තා කර ඇත.එය පෙර වසරේ ආදායම සියයට එකසිය පහකින් වැඩීවීමක් ය.


කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අගෝස්තු 24 දා පැවති අති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම විගනනය කරන ලද මූල්‍ය ප්‍රකාශ ඇතුළත් වාර්තාව ඒකමතිකව අනුමත කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම්, සහ අයිසීසී විසින් වාර්ෂිකව ලබා දෙන මුදල් ලබා දීම් ද මේ ශුද්ධ ආදායම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බල පෑ සාධක හතර ලෙස මෙහිදී අවධාරණය කෙරිණ.


ICC ය මඟින් දේශපාලන බලපෑම් හේතුවෙන් කරන ලද ක්‍රිකට් තහනම නොවන්නට,අවුරුදු 19 පහළ ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවේ සංවිධානය කරන්නට ඉඩ තිබුණු අතර ඇතැම් විට මේ ආදායම් තත්ත්වය එම තරගාවලියත් පැවත්වුවේ නම් තව දුරටත් ඉහළ යන්නට ඉඩ තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...