ඉන්දියාවේ උද්ඝෝෂණයකට කඳුලු ගෑස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුලු ගෑස් එල්ල කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

31 හැවිරිදි වෛද්‍යවරියක රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කෙරුණේ පසුගිය 9 වනදායි.

ඇගේ සිරුර සොයා ගැනීමත් සමඟ කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතා බහක් ඇති වුණ අතර, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජිට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඊයේ හා අද දිනයේද දහස් ගණනක් කොල්කටාහි විරෝධතා පවත්වති.

මෙම අපරාධය සම්බන්ධයෙන් රෝහල් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ මන්දගාමී විමර්ශන ක්‍රියාවලිය විරෝධතාකරුවන්ගේ විවේචනයට ද ලක්ව තිබෙන අතර, ඒ හේතුවෙන් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් පොලිසිය සමඟ ඊයේ පස්වරුවේ ගැටුමක් ඇති කර ගත් අතර රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පොලිසිය බැටන් පොලු හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 100 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...