බලාපොරොත්තුවෙන් හිටපු දවස ඔන්න එනවා.සැප්තැමබර් 21 ජනතාවගේ ආණ්ඩුවක් හදමු – ටිල්වින්

Date:

කොළඹ LNW:සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි දිනය එළඹෙන සැප්තැම්බර් 21 උදාවන අතර එදිනට මාලිමාවට ජන්දය පාවිච්චි කර ජනතාවගේ ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එම දිනය උදා කිරීම වැළැක්වීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී තිබෙන අතර සැප්තැම්බර් 21 රටේ ඉතිහාසය අලුතෙන් ලියවෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

”අපි අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටියා අපේ මේ සමාජය අපේ රට දුප්පත් කරපු ජනතාව දිළිඳු කරපු වංචා දුෂණ වැඩි කරපු සමාජය සහ මේ සමාජ ක්‍රමය වෙනස් කර ගැනීමේ දිනයක් පිළිබඳව. දින ගැන ගැන හිටියේ. අන්න එහෙම යහපත් සමාජයක් හදන්න අපේක්ෂා දල්වා ගෙන බලාගෙන හිටපු දින ගනිමින් හිටපු ජනතාවට වළක්වන්න හදපු සියලු උත්සාහයන් නතර වෙලා දිනය ඇවිල්ලා තියෙනවා. ඒ දිනය තමයි සැප්තැම්බර් මාසේ 21. රට වෙනස් කරන දවස. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පටන් ගන්න දවස. ජනතාව තමන්ට බලය අරගෙන සැබෑ පාලනයක් නිර්මාණය කරන දවස සැප්තැම්බර් 21. අන්න එදාට ජන්දේ දීලා මාලිමාවේ ආණ්ඩුවක්,අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්න තමයි අපි කවුරුත් ඇවිල්ලා ඉන්නේ.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...