ඉදිරි කාලයේ නිවැරදි ගමනක් ගියොත්, ජීවන වියදමට සහනයක් ලැබෙයි – ජනපති

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ (LNW):

කුරුණෑගල පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් , දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ අතරමඟ නැවතුණහොත් රට අර්බුදයට යන බවත්, මෙවර ජනාධිපතිවරණය තීන්දු කරන්නේ තම අනාගතය නොව රටේ අනාගතය බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනාධිපති ධුරය භාරගනිද්දිත් සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තා. එතනින් තමයි වැඩ ආරම්භ කළේ. වෙන කවුරුත් භාරගන්න බැහැ කියපු වෙලාවක මම භාරගත්තේ. 2019 භාරදෙනකොට දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 89යි. මම ආයෙත් භාරගන්නකොට අ.ඩො.බි. 76යි. අ.ඩො.බිලියන13කින් අඩු වෙලා. 

2019දි විදේශ විනිමය සංචිතයේ අ.ඩො.බි.7ක් තිබුණා. ආයෙත් භාරගන්නකොට අ.ඩො. මිලියන 100ක් වත් නැහැ. අපිට තෙල්, පොහොර, බෙහෙත් තිබුණේ නැහැ. 2022 වුණ දේ සමහර අයට අමතක වෙලා. මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද කියලා ජනාධිපතිවරණයේදි තීරණය වෙයි. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න ඕන නිසා මම ඉදිරිපත් වුණා. ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න ඕන. ජනතාව තවමත් අමාරුවෙන් ඉන්නේ. සමහරු කියනවා බදු අඩු කරනවාලු. ආදායම් අඩු වුණොත් ගිවිසුම් කැඩෙනවා. 

බදු මිලට සහන දෙනවා කියලා තවත් අය කියනවා. ප්‍රතිඵලය තමයි අපි හිරවෙනවා. අපි රුපියල ශක්තිමත් කළ නිසා මිල අඩු කරන්න පුළුවන් වුණා. නිෂ්පාදන වැඩි කළා. රටට විදෙස් මුදල් ලැබුණා. ඉදිරි කාලයේ නිවැරදි ගමනක ගියොත්. ජීවන වියදමට සහනයක් ලැබෙයි. මේ මාර්ගයෙන් පැනලා ගියොත් අපි අමාරුවේ වැටෙනවා. සත්‍ය දැනගෙන ඉදිරියට යනවාද? සම්ප්‍රදායට බොරු කියනවාද? තීරණය වෙන්නේ මගේ අනාගතය නෙමෙයි රටේ අනාගතය.” ලෙස ජනාධිපතිවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...