වමට ගිය නිරෝෂන් ආපසු හැරෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ (LNW):

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන්නේ, එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යවමිනුයි.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසන්නේ, වත්මන් දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සදහා කරන ලද සැලසුම්වලට වාසුදේව නානායක්කාර මහතාගේ සමකාලීන ඇතැම් පක්ෂ සාමාජිකයන් දක්වන අකමැත්ත හා පසුගාමී බව මෙම තීරණයට හේතු වූ බවයි.

ජනාධිපතිවරණය සදහා ඇති කරගත් එකඟතාව පසුව වෙනස්වීම සම්බන්ධයෙන් තමා දැඩි කැලඹීමට පත් වූ බව ද ඔහුගේ ලිපියේ සදහන් වේ. පක්ෂය අවසන් තීන්දුවක් ගෙන තිබියදී බාහිර පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම හෝ නොකළ යුතු බවයි ප්‍රේමරත්න මහතා පවසන්නේ.

” ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් රැසක් ඉදිරිපත්වීම ජනතා නොසතුටට හේතුවක් වී තිබෙනවා.එය මහජන මුදල් නාස්තියකට ද හේතුවක්. එවැනි තත්ත්වයක් තුළ ජනක රත්නායක නැමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලබාදීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීරණය ගැන තමන් වික්ෂිප්තභාවයට පත් වනවා” නිරෝෂන් ප්‍රේමරත්න මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...