මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

Date:

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අද (28) පෙරවරුවේ පළමු මාධ්‍ය හමුව පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්න මෙම යුද අනුස්මරණ උත්සවයේ ප්‍රධාන තේමාවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන්,රාජ්‍ය නායකයින් 26 දෙනෙකු එම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එහිදී සඳහන් වුණේ. විශේෂයෙන්ම රුසියානු ජනාධිපති Vladimir Putin සහ උතුරු කොරියානු ජනාධිපති Kim Jong Un ද එම අවස්ථාවට එක් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, එම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ‍ සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 03 වන දින රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...