Home පුවත් ආණ්ඩුව ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කර මර්දනය ක්‍රියාත්මක කරනවා – සජිත් (VIDEO)

ආණ්ඩුව ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කර මර්දනය ක්‍රියාත්මක කරනවා – සජිත් (VIDEO)

0
352

ආණ්ඩුව විසින් ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කරගනිමින් මර්දනය ක්‍රියාත්මක කරන නමුත්, ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වූ මර්ධනයන් සම්බන්ධව පරීක්ෂණ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව මර්දනය මෙලෙස ක්‍රියාත්මක කරන විට ලෝකයෙන් මේ මොහොතේ රටට ආධාර උපකාර ලැබේ දැයි යන්න ආණ්ඩුව කල්පනා කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ සිදුවෙමින් පවත්නා මර්ධනය සහ දණ්ඩනය නතර කළ යුතු යැයි ද අවධාරණය කළේය.

මේ වන විට බලශක්තිය සම්බන්ධයෙන් පවත්නා අර්බුදය සහ අධික ලෙස විදුලි බිල ඉහළ යාම පිළිබඳව විදුලි ඉංජිනේරුවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (26) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ එහිදී ය.

RN