*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

රටේ රගර් නම පාවිච්චි කරලා තනතුරු අරගත්තට වැඩක් නැහැ,ආඩම්බර වෙන්නනම් රටේ රගර් හොඳ තැනක තියෙන්න ඕනි -රිස්ලි ඉල්ලියාස්

නිලවරණය සඳහා නාම යෝජනා දෙන්න ක්‍රීඩා සමාජයක සහයෝගය ගන්න බැරි පිරිසක් මේ නිලවරණය අවලංගු කරන්න කියලා අමාත්‍යංශයට ගිහිං ති‍යෙනවා.එතනදි අධ්‍යක්ෂ ‍ජෙනරාල්වරයා ඒක අවලංගු කරන්න කියලා ලියුමක් යවලාතියෙනවා.ඒක කරලා තියෙන හැටිත් නීත්‍යාණුකූල නැහැ.එහෙම තත්ත්වයක අපි නිලවරණය පැවත් වූවා.නිලවරණයට දින නියම කරලා ප්‍රසිද්ධ කරා.ඒ වගෙම නාම යෝජනා දීමෙන් පසු විරෝධතාවලටත් කාලයක් තිබුණා.ඒත් කිසි විරෝධයක් ඉදිරිපත් කරලා නැහැ.ඊට පස්සෙ නිලවරණය පැවත්වෙද්දි ඒක නවත්තන්න ඇමතිතුමා ළඟට යනවා.ඒ වගෙ වෙලාවක රගර් පරිපාලනය එක්ක කතා කරලයි තීරණයක් ගන්න ඕනි.රගර් පරිපාලනයෙන් මොකද කිව්වෙ කියලා අහන්න ඕනි.ඒත් ඉතිං අපි කිසි දෙයක් නොකළ නිසා අපෙන් එහෙම අහන්න හෝ අපි එයාලට දෙයක් නොකළ නිසා කියන්නත් හේතු නැහැ.
නැවත වරක් ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ සභාපති පදවියට පත් රිස්ලි ඉල්ලියාස් LNW සමඟ නව ධුරයට පත්වීමෙන් පසුව පැවති සාකච්ඡාවේදී පවසා සිටියා.
ඉතාම පහත් විදිහට නිලවරණයට පෙර දින රාත්‍රිය වෙනකම්ම මේකට විරුද්ධ කණ්ඩායම් කරලා තියෙන්නෙ අද නිලවරණයට සහභාි වීම වැළක්වීම සඳහා ඡන්දය හිමි ක්‍රීඩා සමාජ වෙත පණිවිඩ යැවීම.නමුත් අද නිලවරණයට සියල්ල සහභාගි වෙමින් රගර් කේෂ්ත්‍රය තුළ ඒ අයට තියෙන තත්ත්වය පැහැදිළි කළා.අපට කියන්න තියෙන්නෙ රගර්වලට ආදරය කරන්න.අපි පුද්ගලයො හැටියට සාර්ථක වෙන්නෙ රගර්වලට දෙයක් කරලා.ඒක නවත්තන්න එපා.දැන් අපට එළැඹෙන ආසියානු තරඟවලදි කුමන හෝ පදක්කමක් පේන්න තියෙනවා.එතැනට රගර් රැගෙන ආපු සහ අරගෙන යන්න වැඩ පිළිවෙලක් තියෙනවා.ඒක පුද්ගල ඉරිසියාව මත වළක්වන්න හදන්න එපා.රගර් ගොඩදාන්න කරන වැඩේ මිස මමවත් මගේ කණ්ඩායමවත් අපි ගොඩයන්න නෙමෙයි මේක කරන්නෙ.රගර්වලට ආදරේනම් ඒ ගැන හොඳ අදහස් තියෙනවනම් කරන්න ඕනි මේ යන ගමණට ඒ අදහස් එකතු කරන එක මිස අපේ කකුලෙන් අදින එක නෙමෙයි.මේ අය ටකල් කරලා වට්ටන්න හදන්නෙ අපිව නෙමෙයි ලංකාවෙ රගර්.රගර්වලට ආදරේනම් අපිට ආඩම්බර වෙන්න රටේ රගර් හොඳ තැනක තියෙන්න ඕනි.මිනිස්සු ගිහිං ජාත්‍යන්තර තනතුරුවල ඉඳගන්න එකෙන් නෙමෙයි ලංකාවෙ රගර් ඉහළට එසැවෙන්නෙ.ක්‍රීඩාවක් හැටියට ජාත්‍යන්තරයෙ ලබාගන්න වටිනාකම එක්කයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රගර් ඉණිමඟක් කරගෙන ඉහළට නැගපු අයගේ ක්‍රියාකාරකම් ගැනත් සභාපතිවරයා පැහැදිළි කරා.
දැන් අපිට පනවපු තහනම ශ්‍රී ලංකාවේ නීතියෙන් ඉවත් කරලා දුන්නා.ඒ වුණාට ඒක පදනම් කරගෙන පවරපු ආසියානු සම්මේලනයේ තහනම අල්ලගෙන ඉන්නවා.ආසියානු සම්මේලනයේ තරග කමිටුවේ සභාපතිවරයා කවුද?ශ්‍රී ලංකාවෙ රගර් පාවිච්චි කරල තමයි එයා එතැනට රිංගලා තියෙන්නෙ.එයා අඩු ගණනෙ ලංකාවෙ නීතියට ගරු කරන්න ඕනි නේද?නිතියෙන් ප්‍රශ්නයක් නැති තහනමක් අරගෙන යන එකට එයා විරුද්ධ වෙන්නෙ නැහැ.ඒ වගෙම තමයි ජාත්‍යන්තර සම්බන්ධතා හදාගත්තු විනිසුරුවරයෙක් ඉන්නවා.එයත් එහෙමයි.මේ දෙන්න එක්ක මේ වනකොට රටේ ක්‍රීඩාවෙ වැදගත් තනතුරකට පත් වෙච්චි කෙනෙකුත් ඉන්නවා.එයාල කියපු දේවල්,කරපු දේවල් හඬ පටි සමඟ ස්‍ක්‍රීන් ෂොට්ස් විදිහට,ඒ නම්බර්ස්වලින් ආපු මැසේජ් විදිහට තියෙනවා.
හැබැයි ඉතිං එයාල මොනවද කරලා තියෙන්නෙ?මේ පාර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදි අපි හොඳ කීර්තියක් අත් කර ගත්තා.අපි අනුග්‍රාහකයො හොයාගෙන මේ ගමන වෙන විදිහකට යනවා.අපිට අපේ පැහැදිළිකමට ලෝකයම උදව් කරනවා.අපේ ක්‍රීඩකයන්ට රගර් වෘත්තිකයන්ට ලෝකයට ඇතුල්වෙන්න තියෙන ඉඩ අපි වැඩි කරලා දෙමින් ඉන්නවා.ඒ අයගෙ කාලෙ රගර් ණය කරලයි ගියේ.තව අවස්ථාවක වෙනත් ජාතියක අයෙක් ශ්‍රී ලංකාවට ගස්සලා රට අපකීර්තියට පත් කරා.ඒ වරදට තවමත් දඬ ගෙවනවා ශ්‍රී ලංකාව.ඒ නිසා මේ අයට රගර් ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් මොකවත් කරගන්න බැහැ.දේශපාලනඥයො පස්සෙ ගිහිං රගර් ක්‍රීඩා සමාජ ආදරයෙන් ඡන්දය දීලා පත් කරපු නිලධාරීන්ව අයින් කරලා මොනව හරි වගකීමක් ගන්න තමයි උත්සාහ කරන්නෙ.මේ අයට පුළුවන් ශ්‍රී ලංකා රගර් ඉදිරියට ඇවිත් මේ ප්‍රශ්න කතා කරන්න.එහෙම තමන්ගෙ ඉතිහාසය නිසා රෙද්දක් ඇඳගෙන එන්න බැහැ.ඒක නිසා තමයි අර කොෆි කඩේ නාට්‍යයේ අබිලිං වගෙ කරුණු කියනවා වෙනුවට ලොකු ලොකු තැන්වලට බොරු කිය තිය යන්නෙ.හැබැයි ඉතිං අබිලිං සමාන කරන එක පව්.මනුස්සය ලාභයක් අපේක්ෂාවෙන් බොරු කියනවා නෙමෙයිනෙ.මේ අය හැම බොරුවක්ම හදන්නෙ තමන්ගෙ පැවත්මට.
දැන් බලන්න සමහර මිනිස්සුන්ගෙ කුහකකම් කොච්චරද කියලා.මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණය පිටුපස්සෙ මඟ පෙන්නපු ප්‍රධාන චරිතයක් ඉන්නවා. හරිනම් කණ්ඩායමත් එක්ක ක්‍රීඩා අමාත්‍යංශයට ගෙනත් ඇගයීම් කරන්න ඕනි.හැබැයි එයාගෙම සහෝදරයා අමාත්‍යංශයෙ ඉඳගෙන ඒ ජයග්‍රහණය ගේන්න මඟ පාදපු වැඩ පිළිවෙල විනාශ කරන්න උගුල් අඳිනවා.
සභාපතිවරයා එසේ පැවසුවත් රග්ර් කේෂ්ත්‍රයේ ඇතැම් ක්‍රීඩා සමාජ රගර් පරිපාලනය සමඟ එක් නොවන බව පැවසීම ඉදිරියට කෙසේ බලපානු ඇද්දයි අප විමසා සිටියා.ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසුවේ “ඒකට ක්‍රීඩා සමාජ දෙකක් හෝ එකක් ඉදියි.එයාල පොදු එකඟතාවයට වැඩ කරන්නෙ නැත්නම් ව්‍යවස්ථාව අනුව තහනම් කරන්න පුළුවන්.ඉදිරියේදී ඒ ක්‍රීඩා සමාජ විතරක් නෙමෙයි ජාතික වශයෙන් රගර් ක්‍රීඩාවට සහ රගර් සම්මේලනයට වගකිව යුතු විනිශ්චය කමිටුව පවා පොදු එකඟතාවයන් සමඟ වැඩ කරන්නෙ නැත්නම්,ඒ අය හිතූ හිතූ විදිහට වැඩ කරලා ගුටි කන තත්ත්වයට පත් කරමින් ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය පහත හෙළනවනම් ඊට අවශ්‍යය පියවරත් අපි ගන්නවා.ක්‍රීඩාව නඟා සිටුවනවා වගේම තියෙන කුණු සුද්ධ කරලා දාන්නත් ඕනි.මම සහ මගේ කන්ඩායම තව අවුරුදු දෙකකින් බැහැල යන්නෙ ලංකාවෙ රගර් ජයග්‍රාහී තත්ත්වයක වගෙම හොඳ පිරිසිදු තැනක තියලා.ඒ නිසා අපි පොඩි කාලයක් දෙනවා කට්ටියට පිරිසිඳු වෙන්න.ඊට පස්සෙ එයාලට කුණු අයින් කරගන්න බැරිනම් ඒ කුණුත් එක්කම එයාලව අයින් කරලා දානවා යනුවෙන් පැවසීය.
එහෙම කණ්ඩායමක් මේකට අකමැතිව දාලා යනවනම්,අපි ඒක තහනම් කරාට ක්‍රීඩකයන්ට තහනම් වෙන්නෙ නැහැ.එතකොට ක්‍රීඩකයො වෙනත් ජාතික මට්ටමේ දක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙනවා.ඒකෙන් වෙන්නෙ තරගකාරීත්වය ඉහළ යන එක.හොඳම ක්‍රීඩකයො සහිත කණ්ඩායම් අනිත් ක්‍රිඩා සමාජ එක්ක එකතුවීමෙන් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ යන එක.
තව දුරටත් එවැනි තත්ත්වයකදී ඇතිවන තත්ත්වය පැහැදිළි කළ රිස්ලි ඉල්ලියාස් පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක අපි ඒ කණ්ඩායම්වලට පිවිසෙන්න පුළුවන් දක්ෂතා සහිත හොඳ දෙවන පෙළක් හඳුනාගන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් සූදානම් කරනවා.
තව දුරටත් සභාපතිවරයාගේ කරුණු පැහැදිළි කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ අමාත්‍යංශය එකඟ නොවන තත්ත්වයක් ඇති වුණොත් කෙසේ ක්‍රියා කරන්නේදැයි අප විමසා හිටියා.
අපි හැමදේම අමාත්‍යංශයට අරගෙන යන්න උවමනා නැහැ.නමුත් පසුගිය කොරෝනා කාලයේ එකිනෙකා ස්පර්ශවන ක්‍රීඩාවක් නිසා රගර් ක්‍රීඩාව පවත්වාගෙන යාමට අමාත්‍යංශයේ උපදෙස් අනිවාර්ය වුණා.ඒක දැන් පුරුද්දක් කරගෙන සමහරු අමාත්‍යංශය අල්ලගෙන තමන්ගේ උවමනාවන් ඉෂ්ඨ කරගන්න රගර් පාවිච්චි කරන්න හඳනවා.රගර්වලට අපි වැඩ කරද්දි බාධා කරනවා.අපි වැඩක් කරන ගාණේ අමාත්‍යංශයට දුවන්නෙ නැති එකෙන් අමාත්‍යවරයා,අමාත්‍යංශය ගණන් ගන්නෙ නැහැ කියලා පෙන්නල දීලා දෙගොල්ලො අතර විරසකයක් හදන්න හදනවා.මේක පසුගිය කාලයෙත් ඒ විදිහටම ක්‍රියාත්මක වුණා.නමුත් අපි ශක්තිමත්ව ඒකට මුහුණ දුන්නා.ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ශක්තිමත් කරලා රගර් ක්‍රීඩාවේ දක්ෂතා ඓතිහාසික ජයග්‍රහණයන් වෙත රැඟෙන ආවා.ඒවා ක්‍රීඩකයන්ට ශක්තිමත්ව කරන්න පුළුවන් වුණේ පරිපාලනය ශක්තිමත්ව හරි තීරණ අරගත්තු නිසයි.
රගර් පරිපාලනය අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවද?ඒවා මේ වෙනකොට අමාත්‍යංශයට දීලා තියෙනවද?අපි සභාපතිවරයාව ප්‍රශ්න කළා.
අදනෙ පත් වුණේ.ඒත් හිටපු සභාපති හැටියට මම ජාතික ක්‍රීඩා සභාවෙ සභාපති අර්ජුන රණතුංග හම්බ වුණා.එයා රගර් ප්‍රසන්ටේෂන් එක ඉහළින්ම පිළිගත්තා.එයා දැකපු හොඳම සැළසුමක් බව කිව්වා.අමාත්‍යංශයෙන් ඒකට අවශ්‍යය දේ මොනවද බජට් එක කොහොමද කියන කාරණයත් ඇහැව්වා.දැන් ඉදිරියෙදි සභාපතිතුමාව ඒ දේවල් එක්ක ගිහිං හම්බවෙනවා.
අපි විශ්වාස කරනවා සෙවන්ත් සයිඩ් එක තමයි අපිට ඉස්සරහට යන්න හොඳම මාර්ගය.හැබැයි පහළොවෙ රගර් එක අපි හොඳටම කරන්න ඕනි.ඒව අස්සෙ තියෙන තරගකාරිත්වය,ක්‍රීඩා රටාව නිසා අපිට වැඩි දක්ෂයො පිරිසක් හොයා ගන්න ලැබෙනවා.අපි පිට්ටනියෙන් එළියට ඇවිත් ඇඩ්වෙන්චර් ගේම් වගෙ දේවල්වලින් හොඳ තත්ත්වයක් ඇති කර ගත්තා.ඉදිරියෙදි තව තව දේවල් මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගෙම කාන්තාවන්ගෙ දක්ෂකම් අපේ රටේ වැඩියි.ඒ දක්ෂකම් රගර්වලටත් එකතු කරලා කාන්තා රගර් ක්‍රීඩාවත් ඉහළට ගේන්න තමයි අපේක්ෂාව.
ඉල්ලියාස් රටේ උඩින්ම තමන්ගෙ පයෙන් අදිද්දිත් රගර් පන්දුව නියමිත ඉලක්කයට අරගෙන ගිහිං උත්සාහක දිණුමක් බවට පත් කිරීමේ හැකියාව ඇති රගර් ක්‍රීඩකයෙක් වගෙ චරිතයක්.පරිපාලනමය පැත්තෙන් සිය කණ්ඩායම එක්ක ඔහු ව්‍යහුයමය වශයෙන් අනුග්‍රාහකත්වය සම්බන්ධ පසුබිම වෙනස් කළා.මේ සියල්ලෙන් රගර් වැටෙයි කියා බලා ඉද්දි ඔහු අලුත් පාරවල් දිගේ රගර් ජයග්‍රහණයට අරගෙන ගියා.දාන හැම බාධකයක්ම නීතිමය වශයෙන් පවා සාක්ෂාත් කරගෙන රගර් උස්සන්න පුළුවන් කියන හැඟීමෙන් ඒකට ශක්තිය දෙන්න වැඩ කොටසක් කරා.ඒක සීයක් වෙන්න ඉල්ලියාස්ට විතරක් වෙන්න පුළුවන්.ඒත් පිටත සිට බලන කෙනෙක්ට ඒ ශක්තිය තුළ ක්‍රීඩා පරිපාලනයේදී එන විවිධ ගැටළු එක්ක හැප්පෙන්න ඇති ශක්තිය සියය වගෙ සිය ගුණයක්.ඒ නිසා අපි ඔහුගෙන් ඒ ගැන විමසා හිටියා.
ඇත්තටම මට කළකිරුණ තැන් තිබුණා.ඒත් කණ්ඩායම මාත් එක්ක හිටියා.මම නිවැරදි දේ කරලා වැරදි දේ ට හිස නමලා බැහැල යන්නෙ මොකටද?මම රගර් වෙනස් කරලා පෙන්නනවා කියන හැඟීමෙන් සටන් කරන්න ශක්තිය හදා ගත්තා.මට තියෙනවා ගුණයක් වැටෙන්න වැටෙන්න නැගිටලා ශක්තිමත්ව දුවන්න පුළුවන්.ඒ වගෙම මට විරුද්ධ අය හිටියට මම විරුද්ධ අය නැහැ.ඒ නිසා මම පළිගැනිම් සැළසුම් කරන්න කාලෙ වැය කරන්නෙ නැහැ.මම කරන දේ ට අගයක් දෙන්නයි හැම වෙලේම මහන්සි වෙන්නෙ.විරුද්ධවාදියො වට්ටන හැටි ගැන හිතන්න කාලය වැය නොකර මම කරන දේ නැගිට්ටන වැඩේට මුළු හදවතම යොදවනවා.ඒ නිසා ටකල් දාන අයම වැටෙනවා.අපි දුවනවා.මම මගේ කොල්ලො ටික ආසියානු පදක්කමකට මෙහෙයවනවා.ඒ සඳහා වැඩ කරනවා.කෙල්ලො ටික පදක්කමකට යන්න පුළුවන් පාරට ඇඳලා ගන්නවා.එක දෙයයි මේ අවුරුදු දෙක ඉවර වෙලා යනකොට මට ඉල්ලන්න ඕනි.මේක තියෙන තත්ත්වයෙන් රැකගන්න.තව දියුණු කරන්න.මම මෙහෙම කියන්නෙ ඊ ළඟ අවුරුදු දෙක වෙනකොට අපි මේ රටේ රගර් හොඳ තැනකට ගේනවා.අපිට ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා.ඒක කරන්න අපිට පුළුවන් කියලා කියන්න අද මෙතැනට විවිධ බාධා කිරීම් මැද්දෙ ආපු හැමෝ තුළම විශ්වාසයක් තියෙනවා.නිලවරණයට එන්න එපා කියලා නිලවරණය ගැන අපි තියපු පණිවිඩයට වැඩිය ප්‍රචාරනයක් කරත්,මිනිස්සු හරි වැරද්ද හඳුනගෙන හරි තැන හිටගත්තා.රගර්වලට ආදරේ හැමෝටම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.අපි එකතු වෙලා ඉදිරි අවුරුදු දෙකේ ලංකාවෙ රගර්වලට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදි ලැබුණ පිළිගැනීම තව තවත් පළල් කරමු.තහවරු කරමු කියන එක තමයි රගර් පවුලෙන් ඉල්ලන්න තියෙන්නෙ.එතැනදි පවුලට ද්‍රෝහි වෙන අයට, පවුල ජීවත්වෙන්න ඕනි කොහොමද කියලා කියා දීලා තියෙන ව්‍යවස්ථාවට අනුව කටයුතු සිද්ධ වෙයි.
ඡායාරූප – අරවින්ද රත්නායක

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan