සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පොදු ජනතාවගේ හීනයක් බවට පත්වෙන තැනට පැමිණ තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ හවුල්කරුවන් වී රටේ ප්‍රශ්න විසඳීමට සමඟි ජන බලවේගයත් උත්සහයක් යෙදුණ නමුත් දැන් සිදුවන්නේ පරණ පුරුදු දේවල් බව විජේසිරි මන්ත්‍රීවරයා කියාසිටියේය.

”මන්ත්‍රීවරුන් නැවතත් සුපුරුදු විදිහට ජනතාවට විහිලු සපයමින් ඉන්නවා. බඩු මිල අහස උසට ගිහින්. විදුලි බිල ජල බිල ඉහල ගිහින්.අපි දැක්කා නායකයින්ට විරුද්ධව සරුංගල් වැඩසටහනක් තිබ්බා. මේ විදිහට හෙට අනිද්දා පත්තරේක කාටූන් එකක් අදින්න බැරි වෙවි.දැන් සරුංගලයක් යවන්න බෑ.මේ විදිහට කාටූන් එකක් අදින කතෘව හිරේ දාවී.ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා දිනෙන් දින් ඉහල යන බඩු මිල අඩුකරන්න කියලා.ගැසට් එකේ මිල අඩු උනාට වෙලදපොලේ නෑ.දැන් ඩීසල් පෙට්‍රල් නෑ.අපි දැක්කා කාන්චන උජාරුවට කිව්වා ප්‍රශ්නේ විසදුවා කියලා.අද QR එක තිබ්බාට තෙල් නෑ. අද තියෙන්නේ RW පෝලිම.
කාන්චනගේ ට්වීටර් එකේයි මාධ්‍යයේ තියෙන තෙල් රටේ නෑ.රටේ පෝර නෑ.ඩඩ්ලි සිරිසේන මහතා දැන් රටේ ජනතාවගේ දුක ගැන කියනවා එයාට ඒ දවස්වල ඒ දුක තේරුනේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...