සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පොදු ජනතාවගේ හීනයක් බවට පත්වෙන තැනට පැමිණ තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ හවුල්කරුවන් වී රටේ ප්‍රශ්න විසඳීමට සමඟි ජන බලවේගයත් උත්සහයක් යෙදුණ නමුත් දැන් සිදුවන්නේ පරණ පුරුදු දේවල් බව විජේසිරි මන්ත්‍රීවරයා කියාසිටියේය.

”මන්ත්‍රීවරුන් නැවතත් සුපුරුදු විදිහට ජනතාවට විහිලු සපයමින් ඉන්නවා. බඩු මිල අහස උසට ගිහින්. විදුලි බිල ජල බිල ඉහල ගිහින්.අපි දැක්කා නායකයින්ට විරුද්ධව සරුංගල් වැඩසටහනක් තිබ්බා. මේ විදිහට හෙට අනිද්දා පත්තරේක කාටූන් එකක් අදින්න බැරි වෙවි.දැන් සරුංගලයක් යවන්න බෑ.මේ විදිහට කාටූන් එකක් අදින කතෘව හිරේ දාවී.ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා දිනෙන් දින් ඉහල යන බඩු මිල අඩුකරන්න කියලා.ගැසට් එකේ මිල අඩු උනාට වෙලදපොලේ නෑ.දැන් ඩීසල් පෙට්‍රල් නෑ.අපි දැක්කා කාන්චන උජාරුවට කිව්වා ප්‍රශ්නේ විසදුවා කියලා.අද QR එක තිබ්බාට තෙල් නෑ. අද තියෙන්නේ RW පෝලිම.
කාන්චනගේ ට්වීටර් එකේයි මාධ්‍යයේ තියෙන තෙල් රටේ නෑ.රටේ පෝර නෑ.ඩඩ්ලි සිරිසේන මහතා දැන් රටේ ජනතාවගේ දුක ගැන කියනවා එයාට ඒ දවස්වල ඒ දුක තේරුනේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...