*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මුල් දින සියයේ සේවය …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය භාරගෙන අදට (28) දින 100ක් සම්පූර්ණ වේ.

ඒ මහතා මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ පසුගිය මැයි 23 වනදා ය.

පොලිසියේ නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම පාතාල මර්දනය, මත්ද්‍රව්‍ය වැටළීම් ඇතුළු අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් එම කාලසීමාව තුළ ඒ මහතා විසින් පියවර ගණනාවක් ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෙම දින 100 තුළ ටිරාන් අලස් මහතා පොලිස් සේවය වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් ගත් ප්‍රධාන ක්‍රියාමාර්ගවලින් කොටසක් පහතින් දැක්වේ.

1.පොලීසියේ අණ හා බලය යලි පිහිටුවීම.

පසුගිය කාලයේදී සිදුවූ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමව තිබූ පොලිසියේ බලය හා අණට කීකරුවීම යලි ස්ථාපිත කිරීමට පොලිසියේ මානසික මට්ටම ආත්මවිශ්වාසය ඔසවා තැබීම,අවශය පහසුකම් සැලසීම,වගවීම හා වගකීම තහවුරු කිරීම.

2.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කටයුතු කිරීම.

3.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

4.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවද වසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

  1. පොලිස් රෝහලේ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කිරිම.

ඇමැතිතුමන් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කිරිම.

  1. දේශපාලන නිර්දේශය මත පොලිස් ස්තානාධිපතිවරුන් පත්කිරීම වෙනුවට නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයකට ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුකිරීම.

මෙහිදී ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් සැපිරූ නිලධාරීන්ගේ අයදුම්පත් කැඳවීම් කොට සම්මුඛ පරීක්ෂණ පවත්වා දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් පාරදෘශ්‍ය ක්‍රමවේදයකින් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුකිරීම.

  1. පොලිස් ස්ථාන නවීකරණය කිරීම.

මෙහිදී දිවයිනපුරා පිහිටා ඇති සෑම පොලිස් කොට්ටාශයකින්ම එක පොලිස් ස්ථානයක් තෝරාගෙන නවීකරණය කිරීම.මේ අනුව පලමු අදියරෙදී පොලිස් කොට්ටාශ 45 න් පොලිස් ස්ථාන 45 ක් තෝරාගෙන නවීකරණය කිරීම.

  1. නව පොලිස් වෙබ් අඩවියක් හඳුන්වාදීම.

මෙහිදී යල්පැන ගිය පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් නවීකරණය කිරීම.මෙහිදී ජාත්‍යන්තර තත්ත්වයේ වෙබ් අඩවියක් නිර්මාණය සඳහා කටයුතු කිරීම.

  1. දරුවන් හා කාන්තාවන්ට පීඩාවට පත්ව ඇති මොහොතවල් වලදී ඔවුන්ගේ නම් ඡායාරූප ප්‍රසිද්ධ නොකරන ලෙස පොලිසියට උපදෙස් දීම.

මෙහිදී චූදිතයන්ට දඬුවම් ලැබුනද සමාජය හමුවේ වින්දිතයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමත් ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගොඩ නගාගැනීමටත් මහත් පිටුවහලක් වීම මූලික අරමුණ ලෙස පෙන්වා දිය හැක.

  1. පොලිස් මාධ්‍ය ඒකකය හා තොරතුරු හා පරිගණක ඒකක සවිබල නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා මැදිහත් වීම.
  2. පොලිස් කාන්තාවන් සවිබල ගැන්වීම.
  3. පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් දියත් කිරීම සඳහා පොලිසියට උපදෙස් දීම

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan