ශ්රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්රීඩකයකු වන විෂේන් හැළඹගේට ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කෙරෙන තත්වයක් උද්ගත වෙමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.
ඔහු දේශීය විස්සයි20 (Major Clubs T20) තරගාවලිවලදී පානදුර ක්රීඩා සමාජය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්රීඩකයෙකි. විශේෂයෙන්ම 2025 වසරේ පැවැති දේශීය විස්සයි20 තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා, හොඳම පිතිකරුවා සහ තරගාවලියේ වටිනාම ක්රීඩකයා සම්මාන දිනාගැනීමට විෂේන් සමත්ව තිබිණි. එමෙන්ම දේශීය අන්තර සමාජ තරගාවලිවලදී වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමේ වාර්තාව ද පිහිටුවා ඇත්තේ ඔහු විසිනි. ඒ ටැමිල් යූනියන් ක්රීඩා සමාජයට එරෙහි තරගයකදී පන්දු 15ක් තුළ ලකුණු 50ක් රැස් කරමිනි.
මෙවන් විශේෂ දක්ෂතා දක්වා තිබියදීත් විෂේන්ව නුදුරේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරග සඳහා නම්කෙරෙන ජාතික කණ්ඩායමට ඇතුළත් නොකර සිටීමේ උත්සාහයක් පවතින බවයි අභ්යන්තර ආරංචිමාර්ග පැවසුවේ. විෂේන්ගේ පියා ද හිටපු ක්රිකට් ක්රීඩකයකු වන අතර ඔහු හිටපු ක්රිකට් සභාපතිවරයකුට හිතවත් අයෙකු ලෙස ලේබල් කරමින් මෙසේ විෂේන්ව කපාදැමීමට කුමන්ත්රණයක් ක්රියාත්මක වන බවත් ආරංචිමාර්ග පැවසීය.



