රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW :
අද(28) සිට ලබන මස 07 වැනිදා දක්වා ශ්රී ලංකාවට ඉහළින් සූර්යයා සෘජුවම මුදුන් වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විශේෂයෙන්ම නල්ලූර් සහ කොඩිකමම් වැනි උතුරු ප්රදේශවලට මධ්යහ්න කාලයේදී හිරු රැස් දැඩිව පතිත වන බව මෙහි සඳහන් වේ.
මේ හේතුවෙන් දිස්ත්රික්ක අටක වැසියන් අධික උණුසුම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ත්රිකුණාමලය, මඩකලපුව සහ පොළොන්නරුව වැනි ප්රදේශවල ජනතාවට ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ යාම නිසා විශේෂ ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
කාලගුණ අංශ පෙන්වා දෙන්නේ මෙම කාලසීමාව තුළ හිරු මුදුන් වීම නිසා සෞඛ්ය අවදානම් ඇතිවිය හැකි බැවින් ප්රවේශම් වීම අත්යවශ්ය බවයි.


