නේපාලයට බලපෑ ගංවතුර සහ නාය යෑමෙන් මියගිය ගණන 469ක් දක්වා ඉහළට. චීනය ගලවා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නේපාලය සහ ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ ව්‍යසනකාරී ගංවතුර සහ නාය යෑම හේතුවෙන් මියගිය ගණන 469ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නේපාල වාර්තා පවසයි.

මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් පසු මේ වන විට පැය 48කට වැඩි කාලයක් ගතව ගොස් ඇති අතර 1000කට වැඩි පිරිසක් අතුරුදහන් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ටිබෙටයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 550 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර දෙවන ගංවතුරක් ගැන අනතුරු හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වල සිටින පිරිස් වෙත දැඩි අවධානයකින් පසුවන ලෙස දැනුම් දී තිබේ.

ඇති වූ තත්ත්වයෙන් පසු චීන-නේපාල දේශසීමාව අසල ජල විලක් නිර්මාණය වී ඇති අතර එය එහි ඉවුරු බිඳී යා හැකි බවට බියක් ද ඇතිව තිබේ.

විශාල ගංවතුර රැල්ලට හේතු වූයේ කඩා වැටුණු ග්ලැසියරයක් බවත් එමඟින් රළ පහර නිවාස සහ මාර්ග විනාශ දැමූ අතර නේපාල-ටිබෙට් ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයක් විනාශ කරන ලදී.

සෑම වසරකම දස දහස් ගණනක් සංචාරකයින් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර අනපේක්ෂිත ගංවතුර ආපදාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගොදුරු විය.
සිටී.

මේ අතර පවතින දැඩි අවධානම් තත්ත්වය හමුවේ චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රදේශයේ ගලවා ගැනීමේ නිලධාරීන්ට දැනට මෙහෙයුම් නතර කරන ලෙසද දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...