කාලගුණයේ වෙනසක් – වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Date:

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (28) දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...