ඉක්මණින් වැඩ කරගන්න අලුත් පුහුණුකාරියක් ?

Date:

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම පුහුණු කිරීමය නවක පුහුණුකාරියකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය ප්‍රඥාගෝචර නොවන තීරණයකට එළැඹ ඇත.ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාීත්වය පැවරි තිලකා ජිනදාගේ කොන්ත්‍රාත් කාලය මේ වන විට අවසන් නිසා එම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා නෙට්බෝල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම තරගාවලිය ඇසුරේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට රැගෙන ඒමට පුහුණු පරීක්ණයක්ද පැවත් වූ අතර දැන් නව පුහුණුකාරියක්ද තෝරා ගැනීමට ක්‍රියා කරමින් සිටියි.තිලකා ජානදාස සදාකාලිකව කණ්ඩායම සමඟ රඳවා ගැනීම අපේ යෝජනාව නොවන අතර මේ මොහොතේ කෙටි කාලීන ඉලක්කයක් සහිතව තරගාවලියට සූදානම් වීමට තිලකාවම යොදා ගැනීම වඩාත් ගෝචර බව අපේ අදහසයි.
කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට හැඩ ගැස්වීම සඳහා නවක පුහුණුකාරියකට ඉඩ ලබා දීමට වඩා මේ මොහොතේ කළ යුත්තේ පළපුරුදුම පුහුණුකාරියක් සමඟ ඊ ළඟ අපේක්ෂිත පුහුණුකාරිය සහයට කැදවා තරගාවලියෙන් ඉනික්බිතිව නව පත්වීම සමඟ දීර්ඝකාලීනව අලුත් පුහුණුකාරියකට කණ්ඩායම පැවරීම බව අපේ අදහසයි.


නෙට්බෝල් ක්‍රීඩාවේ බොහෝ තාක්ෂණික වගකීම් නිලවරණ සහයන් මත රදා පවතින තත්ත්වයක් දීර්ඝකාලයක සිට දකින්නට ලැබෙන අතර මෙයද එවන් පසුබිමක පහළ වූ අදහසක් ද යන්න සළකා බැලීමට අලුත් පත්වීම සිඳුවන තෙක් බලා සිටින්නට සිදු වෙයි.කෙසේ හෝ පරිපාලනමය වශයෙන් වඩා වැදගත් නෙට්බෝල්මය තීරණ සඳහා එළැඹීම වන අතර ආසියානු නෙට්බෝල් සභාපතිණිය ලෙස ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිණීයට තමන් නියෝජනය කරන රටේ නෙට්බෝල් හී ප්‍රබල තත්ත්වයද බෙහෙවින් සිය ඉදිරි කටයුතුවලදී වැදගත් වනු ඇත.තමන්ගේ දේශිය පරිපාලනය ඇතුළේ වැරදි තීරණයන්ට ලැබෙන පෙළඹවීම් ආසියානු විශ්වාසය කෙරෙිහද යම් කැළඹිමක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු.


ඔක්තෝම්බර් මස 22 සිට 28 දක්වා සිංගප්පූරුවේ පැවැත් වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ගෙන නව නෙට්බෝල් ජාතික පුහුණුකාරිණිය තෝරා ගැනිම සදහා නෙට්බෝල් විධායක සභාවේදී ගත් මතය නැවත සැළකිල්ලට යොමු කර එම වගකීම තරගාවලියෙන් ඉනික්බිතිව නව පුහුණුකාරියකට වගකීම පැවරීම දක්වාත්,දීර්ඝ සැළසුම් සහිතව දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් යටතේ කාලයක් ලබා දෙමින් කණ්ඩායම ගොඩ නැංවීම එම නවක පුහුණුකාරියට පැවරීමත් සිඳුවන්නේ නම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ උන්නතියට එය වැදගත්වනු ඇත.කෙසේ හෝ විධායක සභාවේ තීරණය අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් නව පුහුණුකාරිය සඳහා අයදුම් පත් යොමු කරන ආකාරය දැන ගැනීමට වින්දනා දයාරත්න (ලේකම් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය )- 71 565 6174 දුරකතන අංකය ඔස්සේ අමතා තොරතුරු ලබා ගැනීමට හැකි බවත් අදාළ ඉල්ලුම් පත්‍රය ශ්‍රී ලංකා නෙට්බෝල් විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා නෙට්බෝල් දන්වා සිටින්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...