එකම පවුලේ 5 දෙනෙකු එකටම අවසන් ගමනේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  එක්සත් ජනපදයේ නිවසක් තුළ, එකම පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු  මිය යාම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ ඔහියෝ නිවසක දරුවන් තිදෙනෙකු ඇතුළු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු මියයෑමේ සිද්දියට අදාළවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ජේසන්,42 හැවිරිදි මෙලිසා සහ ඔවුන්ගේ දරුවන්වන 15 හැවිරිදි රෙනී,12 හැවිරිදි ඇම්බර් සහ 9 හැවිරිදි ඉවාන් යන අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය යාමෙන් පසු මොවුන් සොයා ගෙන ඇත්තේ ඇක්‍රොන් නගරයෙන් සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි ලේක් ටවුන්ෂිප් හි පිහිටි ඔවුන්ගේ නිවසෙන් වන අතර වෙඩි වැදීම් කිහිපයක් හේතුවෙන් එම පවුල ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසන නමුත් එය ඝාතනයක්ද එසේත් නැතිනම් සිය දිවි හානි කර ගැනීමක්ද යනුවෙන් පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!