පේරු හී අවසන් පූර්ව වටයට තිදෙනෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 29, LNW කොළඹ: අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු ඉසව්වේ දී සිය හොඳම පෞද්ගලික කාලයට මදක් පසුපසින් සිව්වැනියා ලෙස තරගය නිමා කළත්,හොඳම කාලයන් සළකද්දී ඊ ළඟ වටයට සුදුසුකම් ලබන පිරිස අතරට සිය නම ද එක් කර ගන්නට සමත් වුණා.ජාත්‍ය කිරුළු මීටර් 400 ඉසව්වේ තමන් සහභාගි වූ මූලික තරගයේ තෙවැන්නා වී අවසාන පූර්ව වටයට පිවිසුණත්,ඔහු අවසාන පූර්ව තරගයේ දී පෑ දක්ෂතා අවසන් තරගය දක්වා යන්න ප්‍රමාණවත් වුණේ නැහැ.මීටර් 100 අවසන් පූර්ව තරගයේ දී මෙරොන්ටත් අත් වුණේ අවසාන තරගයට සුදුසුකම් නොලබා ඉවත් වන්නයි.දැනට අවසාන පූර්ව තරග සඳහා පිවිසි ක්‍රීඩකයින් තිදෙනොගෙන් දෙදෙනෙක් එයින් පරාජය වී තිබෙන අතර අවසාන තරග ගැන ඇති ආසන්න බලාපොරොත්තුව ලෙස ඉතුරුව ඇත්තේ අයෝමාල් අකලංකයි.

ජිත්මා විජේතුංගට මීටර් 400 තරගයේ දී මූලික තරගවලදී ම ඉවතට යන්නට සිඳු වුණා.පිරිමි උස පැනීමේ සහ කාන්තා දුර පැනීමේ තරග නියෝජනය කළ තරූෂ මෙණ්ඩිස්,ලෙසඳු අර්ථවිදු සහ මධුශානි හේරත් ඊ ළඟ වටයට සුදුසුකම් ලැබිය හැකි පිමි වාර්තා කරන්නට අසමත් වුණා.අද ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් බිමට පිවිසෙන්නේ මීටර් 200 ඉසව්ව නියෝජනය කරන මලිත් තමෙල් සහ ඉඳුවර විදූෂාන් යන දෙදෙනායි.

රටක් හැටියට හෙට ගැන වගකිව යුතු අංශ මේ සංචාරය ගැන වසර ගණනක සිට දැන සිටියත්,ඊට අවශ්‍යය ප්‍රතිපාදන සකස් කර ගැනීමට අපොහොසත්වීමෙන් විශාල ගැටළු ගණනකට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දෙන්න සිඳු වුණා.ලීමා හී පවතින පාරිසරික තත්ත්වයට හුර වෙමින් මේ සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යම් කිසා කාලයක් තියා එරටට යැව්වේනම් බොහෝ විට මේ ලැබී තිබෙන ප්‍රතිපල වෙනස් වන්නට තිබුණා.එහෙත් අවසාන මොහොත වන තෙක්ම ගුවන් ටිකට් මුදල් පවා නොදෙන තීරණයක සිටි ක්‍රීඩා අමාත්‍යංශය ගත් ඇතැම් පියවර නිසා කණ්ඩායම එකට පිටත් කර හැරීම පවා පමා වුණා.එසේම ඒ ආකාරයට යවන ලද ක්‍රීඩක ගොන්නේ සමහර පිරිස් වෙත තූර්කියේ රැඳී සිටින්නටත් සිඳු වුණා.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුර පැනීම සහ තුන් පිම්ම ඉසව්වේ දස්කම් දක්වන මධුශානි ද මේ අර්බූදය නිසා බැට කෘ අතර ඇයගේ පිමිවල දුර සිතා ගන්නට නොහැකි තරමට පහතට ඒමට සමහර විට තූර්කියේ නිදි වර්ජිතව ගත කරන්නට වීමත් බලපාන්නට ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...