*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණ සටන

ජනාධිපතිවරණ කැම්පේන් එක වේගයෙන් ඉදිරියට යමින් තියනවා. රටේ ඊළඟ ජනාධිපති පත්වෙන්න තව තියෙන්නේ පැය හයසිය ගාණක් විතරයි.ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් යමක් කල හැකි අපේක්ෂකයන් 08 දෙනෙක් ඉන්නවා.ඒ රනිල්,සජිත්, අනුර,නාමල්,දිලිත් විජේදාස සහ ෆොන්සේකායි.මෙතනදි රටේ රාළ සැලකුවේ ඡන්ද පදනම් විතරක් නෙවෙයි.එයාලා මතවාදීව මේ මැතිවරණයට කරන බලපෑමත් එක්ක. 

එහෙම හිතද්දී පෙරටුගාමීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න නුවන් බෝපගේත් ඉන්නවා. කොහොම හරි මේ අපේක්ෂකයන් 08 දෙනා ඉන්නේ ස්ථර තුනක. රනිල්,සජිත්,අනුර එක ස්ථරයක, නාමල් සහ දිලිත් තව ස්ථරයක. විජේදාස,ෆොන්සේකා සහ නුවන් බෝපගේ තව ස්ථරයක.මේ කණ්ඩායම් තුන සලකද්දී ජයග්‍රහකයා අනිවාර්යයෙන් තීරණය වෙන්නේ රනිල්,සජිත්,අනුර අතරින් කෙනෙක්.

අනෙක් අපේකෂකයන් පස් දෙනා සලකද්දී එයාලාගේ ටාගට් එක වෙන්නේ එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණය.ඒ අය අතරිනුත් නාමල් ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වෙන හීනයක. නාමල් කැමති රනිල් හරි,අනුර හරි ජනාධිපති වෙලා එයා විපක්ෂ නායකයා වෙන්න නෙවෙයි. නාමල්ගේ බලාපොරොත්තුව තියෙන්නේ සජිත් ජනාධිපති කරලා විපක්ෂ නායකයා වෙන්න.

ඒක එහෙම නෙවෙයි නං නාමල් මේ අරන් තියෙන්නේ පට්ට මෝඩ තීරණයක්.කොහොම උනත් පොහොට්ටුව ගැලවෙන විදිහෙන් නාමල්ට ලොකු දෙයක් ඉතිරි වෙයි කියලා හිතන්න බෑ.මහින්ද නෙවෙයි ශක්‍රයගෙ පුතු වයිමා ගෙනත් දුන්නත් නාමල්ට ගොඩ යන්න බෑ. ජනතා තීන්දුව ඉස්සරහා රාජපක්ෂල ගත්ත මෝඩම තිරණයක් විදිහට නාමල්ගේ තරඟ කිරීම ඉතිහාස ගතවෙයි.පාඨළී සජිත්ගේ දෙපතුල ලගට යන්න ගත්ත තීරණය නාමල් ගත්ත තීරණයට විතරක් දෙවෙනි වෙන මෝඩ තීරණයක්.

තුන් වෙනි මෝඩ තීරණය වෙන්නේ මෛත්‍රීගේ උඟූලට ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ ගිහින් පය තියපු එකයි.දැන් ජනාධිපතිවරණ සටන ගැන එක එක වර්ගයේ විශ්ලේෂණ එනවා. අනුර කියන්නේ එයා 50% ඉක්මවලා ගන්නවා කියලා දේශපාලන වශයෙන් හිතුවොත් 70% පනින්නත් පුළුවන් කියලත් අනුර කියනවා. සජිත් කියන්නේ එයත් 50% ඉක්මවපු ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා කියලා,සියට ගණන් කිව්වේ නැතත් රනිල් දිනන බව රනිල් පාර්ශවයත් කියනවා.

කොහොමත් දිනන්නේ මේ තුන්දෙනාගෙන්ත කෙනෙක් හින්දා මෙයාලා ජයග්‍රහණය කරා ලගාවෙන්නේ කොහොමද කියන එක ටිකක් හිතලා බලන එක වටිනවා.අපි ඒ සම්බන්ධව විග්‍රහ කරද්දී පදනම විදිහට ගන්න වෙන්නේ 2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිපලය.2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය ඡන්ද 6,924,255 (52.25%) ක් ගත්තා. සජිත් ජන්ද 5,568,239  (41.99%) ක් ගත්තා.අනුර ඡන්ද 418,553 (3.16%) ක් ගත්තා.

ඊට පස්සේ තියපු මහ මැතිවරණයෙන් පොහොට්ටුව ඡන්ද 6,853,693 (59.09%) ක් ගත්තා. සජබය ඡන්ද 2,771,984 (23.90%) යි. ජවිපෙ ඡන්ද 445,958 (3.84%) යි. දෙමල ජාතික සන්ධානය ඡන්ද 327,168 (2.82%) ක් ගනිද්දී එජාපය ජන්ද 249,435 (2.15%) ක් ගත්තා. එජාප සහ දෙමල සන්ධානයට ගත්ත ඡන්ද ප්‍රමාණයත් ජනාධිපතිවරණයේදී සජිත් ගත්ත ලක්ෂ 55 ඇතුලේ තියනවා.2019 සහ 2020 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක්ක හිතුවොත් වැඩිම ඡන්ද කඩා වැටීමකට ලක්වෙලා තියෙන්නේ සජබය.

එතනදී ඡන්ද 2,796,275 ක් සජබෙන් ගැලවිලා ගිහින් තියනවා.එජාපයේ සහ දෙමල ජාතික සන්ධානයේ ඡන්ද එකතුව වන 576,603 එතනින් අඩු කලොත් තවත් ඡන්ද 2,219,672 සජබෙන් ගැලවිලා තියනවා.අපි තවත් චාන්ස් එකක්  දීලා ඒ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 22 ක් කියලා හිතුවොත් ජනාධිපතිවරණයේදී සජිත් එක්ක හිටිය ඡන්දදායකයින් ලක්ෂ 22 ක් සජබය දාලා ගිහින්. මහ මැතිවරණයේදී පොහොට්ටුවට ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්දවලට වඩා ඡන්ද 70,562 ක් අඩුවෙලා.

ජවිපෙ විතරක් ඡන්ද 27,405 ක් වැඩිකරගෙන.එහෙනම් මහ මැතිවරණයේ සජිත්ගෙන් අයින් උන ඡන්ද වෙන පක්ෂයකටම නොගිහින් නිෂ්ක්‍රීය වෙලා බව පේනවා.මේ ජනාධිපතිවරණය දිනන්න නං දිනන අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 70 ට එහා ගන්න ඕනි.එතකොට සජිත් තව ඡන්ද ලක්ෂ  43 ක් හොයන්න ඕනි. පොහොට්ටුවෙන් ගැලවිලා තියන angry vote එකයි,මහ මැතිවරණයයේදී සජිත් හැරදාලා ගිය ලක්ෂ 22 යි,අලුතෙන් එකතුවන ඡන්ද ලක්ෂ 12 යි,උතුර, නැගෙනහිර,වතුකරයේ ඡන්දවලින් මේ ඡන්ද ලක්ෂ 43 හොයාගන්න ඕනි.

රටේ රාළ හිතන්නේ පහුගිය දේශපාලන අර්බුදයත් එක්ක පොහොට්ටුවෙන් ඡන්ද ලක්ෂ තිහක් විතර ගැලවිලා යන්න ඇති කියලයි. ජවිපෙ තත්වය ගත්තොත් එයාලට දිනන්න තවත් ඡන්ද ලක්ෂ 60 කට වැඩිය හොයා ගන්න ඕනි.එයාලටත් මදි ලක්ෂ 60 හොයාගන්න වෙන්නේ අර ස්ථර හතරෙන්ම තමයි. එතකොට කාට හරි කියන්න පුලුවන් එහෙනං රනිල්ට ජනාධිපති වෙන්න තවත් ඡන්ද ලක්ෂ 68 ක් ඕනි කියලා.අමාරුම තැන ඉන්නේ රනිල් කියලා.එහෙම හිතන්න පුළුවන් රනිල් යුඑන්පී අපේක්ෂකයා විදිහට ආවොත් විතරයි.

ඇත්තටම මෙතන වැඩි චාන්ස් එක තියෙන්නේ රනිල්ට.නිකං හිතන්නකෝ මේ අපේක්ෂකයන්ට තියෙන ඡන්ද බ්ලොක් එකත් එක්ක හිතද්දී ලක්ෂ හැත්තෑවට උඩින් ඡන්ද ගන්න පුළුවන් කාටද කියලා. පොහොට්ටුවේ විසිරුණු පිරිස. සජිත්ට ජනාධිපතිවරණයේදී ඡන්දය දීලා අක්‍රීය උන පිරිස. මේ පාර අලුතෙන් එකතු වෙන ඡන්ද මිලියනය 1.2 ක,උතුරු,නැගෙනහිර පලාත්වල සහ වතුකරයේ දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම ගන්න පුළුවන් වැඩිම හැකියාව තියෙන්නේ කාටද?.

මේ ඡන්ද පදනම් සලකද්දී පොහොට්ටුවෙන් ඉවත් වුන ඡන්ද ලක්ෂ 30 ක් අයින් කලාට පස්සේ තවත් ඡන්ද ලක්ෂ හතලියක් පොහොට්ටුවට තියනවා.ඒ ඡන්ද ලක්ෂ හතලිහ තියෙන්නේ නාමල් පිලේ, ප්‍රසන්න පිලේ,ලන්සා – ශ්‍රිලනිපය ඇතුලේ.එතනින් නාමල්ට ලක්ෂ 5ක් අයින් කලත් රනිල්ට ලක්ෂ 35 ක ෆික්ස් ඩිපොසිට් එකක් තියනවා.එජාපයේ ඡන්ද ලක්ෂ 2.5 ගත්තම රනිල්ට පටන් ගන්න වෙන්නේ ලක්ෂ 37 න්.එතකොට රනිල් තව ලක්ෂ 33 ක් හොයන්න ඕනි.

ඒ ලක්ෂ 33 ගන්න තියන ටාගට් කරන groups හතර ගත්තොත් ඒවා වැඩිම සමීප රනිල්ට.සජිත්ට ජනාධිපතිවරණයට ඡන්දය දීලා අක්‍රීය උන පිරිස රනිල් ජනාධිපති වෙලා,රට ගොඩදැමීම කියන කාරණයේදී රනිල්ට කිට්ටුයි.ඒ වගේ අපේ රටේ දෙමල සහ මුස්ලිම් ඡන්ද පදනම වඩා කිට්ටුත් රනිල්ට. අලුතෙන් එකතු වෙන ඡන්ද ලක්ෂ 12 අයිති කරගන්නට ජවිපෙට සහ සජබෙට බැරිවෙලා තියනවා. එකෙනුත් සැලකිව යුතු කොටසක් රනිල්ට අල්ලන්න පුළුවන්.

පොහොට්ටුවෙන් ගැවෙලා ගිය ඡන්ද ලක්ෂ 29 යෙන් වැඩි කොටසක් මාලිමාවටත් අඩු කොටසක් සජබෙ, දිලිත් වගේ අය අතර බෙදිලා ගියා. හැබැයි ඒවා කොතැනකවත් ස්ථාවර නෑ.ඒකයි රටේ රාළ කියන්නේ මේ ජනාධිපතිවරණයේ වැඩි වාසිය තියෙන්නේ රනිල්ට කියලා.ඒක ගන්න හරි කැමිපේන් එකක් කලොත් රනිල්ට දිනන්න පුළුවන්.හැබැයි තවමත් රටේ රාළ කියන පන්නයේ කැම්පේන් එකක් රනිල්ගේ පැත්තෙන් වෙන්නේ නැති බවත් කියන්න ඕනි.

රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan