කුසල්ට දෙවන ටෙස්ට් තරගයට තේරෙන්නට කුසල් මදි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 29, LNW කොළඹ: කලෙකට පසුව දක්ෂතා අතරට නොපැමිණීමේ හේතුව නිසා අද එංගලන්තය සමග ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙණ්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමි කර තිබෙනවා.මෑත කාලයේ එක්දින පිටියේ සම විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ පැතුම් නිශ්ශංකට කුසල් ගේ ස්ථානය පිරිනමන්නට තීරණය වී තිබෙනවා.

සිය පළමු ටෙස්ට් තරගයේ දී ම ශතකයක් වාර්තා කරමින් ටෙස්ට් පිටියට පිවිසුණ පැතුම් නිශ්ශංක සතුව තවමත් ඇත්තේ එම මංගල තරගයේ දී වාර්තා කළ ශතකය පමණයි.ඊට අමතරව ඔහු සහභාගි වූ තරග නවයක දී ඉණිම් 15 ක් තුළ අර්ධ ශතක තුනක් ද වාර්තා කර තිබෙනවා.මේ මොහොත පැතුම්ට වඩා වැදගත් වනු ඇත්තේ ඔහු මේ මොහොතේ ලොව සිටින භයානකම එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වන මට්ටමෙන් දස්කම් දක්වන නිසයි.ඒ නිසා බොහෝ විට මේ තරගයේ දී ඔහු ඒ විශ්වාසය මත හොඳම ටෙස්ට් ඉණිමක් ද වාර්තා කරන්නට ඉඩ තිබෙනවා.

එසේම විශ්ව ප්‍රනාන්දුට ද අද ටෙස්ට් තරගයේ ඉඩ ලැබී නැහැ.ඒ වෙනුවට කැඳවා ඇත්තේ ලහිරු කුමාරයි.අද තරගයට පළමු තරගයේ දී ආබාධයකට ගොඳුරුව තිබියදි ත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී පරිණත ඉණිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල්ට දෙවන ටෙස්ට් තරගයේ දී ත් අවස්ථාව ලැබී තිබෙනවා.එහෙත් ඔහු කඩුලු රැකීමට තරම් සුවපත්ව නැත්නම් ඒ වගකීම නිශාන් මධුශ්කට දරන්නට සිඳු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...