හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වැඩි වන නව ක්‍රමයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක්  නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...