හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වැඩි වන නව ක්‍රමයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක්  නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...