නිධන් හාරන්න ගිය DIG බිරිය ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

Date:

කොළඹ LNW: නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් ශ්‍රාවස්තිපුර, තිඹිරිකඩවල පුරා විද්‍යා භූමියක් බවට සැක කෙරන ස්ථානයක් කැනීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති බිරිය ඇතුළු සැකකරුවන් 8 දෙනාගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව අනුව සැකකරුවන් ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරියමහතා නියෝග අකර තිබේ.

එම නඩුව ඊයේ (28) කැඳවු අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර ඇත්තේ මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව ෆැක්ස් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඔ දිසාව භාර නියෝජ්‍ය පොලිස්තිපති උදිත් ලියනගේ ද ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

බිරිය ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නිදහස් කර මුදා හරින ලෙසට අනුරාධපුර පොලීසියට බලපෑම් කිරීම, නිදන් හෑරීමට ආධාර අනුබල දීම සහ රජයේ දේපල අවභාවිත කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : දඹුල්ල, සීගිරිය සංචාරක...

මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

උපාලි කොළඹගේ කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...