හැළඹගේ සිම්බාබ්වේ පරික්ෂාවකින් තොරවම ආසියානු කුසලාන තරගාවලියෙන් හලයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 29, කොළඹ LNW:

සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට එක් කර ඇති විශේන් හැළඹගේ ආසියානු සූරතාවලි තරගාවලියෙන් ඉවත් කර ඇත.මෙම තේරීම්වලින් පෙනී යන්නේ හැළඹගේ සිම්බාබ්වේ සංචාරය සඳහා ද නම් කර ඇත්තේ සංචාරක මඟියෙකු කිරීමේ අදහසින් පමණක් බවය.එහිදි හැළඹගේ ට අවස්ථාවක් හිමි වුවහොත් සහ ඔහු ලකුණු අතරට ආවොත් ආසියුනු තරගාවලියට නම් කරන ලද සංචිතයේ ඔහු නැතිවීම ගැටළුවක් වන නිසා තරුණ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම සමඟ සංචාරයක් ගොස් අත්දැකීමක් ගන්නට යන සරල අදහසින් හැළඹගේ සිම්බාබ්වේ සංචාරයට ඇතුළත් කර ඇති බව ඔහු ආසියානු තරගාවලියට නම් කළ කණ්ඩායමේ නොමැති විමෙන් පැහැදිළි වෙනවා.


පහතින් දැක්වෙන්නේ සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කරන ලද කණ්ඩායමයි.ආසියානු තරගාවලිය සඳහා නම් කර ඇති කණ්ඩායමෙන් මේ නම් අතර තිබෙන විශේන් හැළඹගේ ගේ නම ඉවත් කර තිබෙනවා. ශරීර යෝග්‍යතාවය සම්බන්ධ පරික්ෂාවකින් පසුව වනිදු හසරංග කැඳවීමේ බලාපොරොත්තු සහිතව ඔහුගේ නම ආසියානු සූරතාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. ඔහු වෙනුවට සිම්බාබ්වේ සංචාරය සඳහා කණ්ඩායමට කැද වූ දුෂාන් හේමන්තව ද, සිම්බාබ්වේ සංචාරයේදී ක්‍රීඩා කරන අයුරු ගැන පරික්ෂා කිරීමකින් තොරව, ශාරිරික යෝග්‍යකාවය ගැන නිසි තීරණයක් නොමැතිව සිටින වනිදු ආසියානු සංචිතයට කැඳවීමෙන් පසු ඉවත් කර තිබෙනවා.
සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කළ කණ්ඩායම මේ සමඟ දක්වා ඇති අතර ආසියානු සූරතාවලියට නම් කරන ලද කණ්ඩායමෙන් මෙහි ඇති හැළඹගේ ගේ සහ දුෂාන් හේමන්තගේ නම් ඉවත් වී ඇති අතර මෙහි නැති වනිඳු හසරංගගේ නම ඊට ඇතුළත් කර තිබෙනවා.
1) චරිත් අසලංක – නායක
2) පැතුම් නිශ්ශංක
3) කුසල් මෙන්ඩිස්
4) කුසල් පෙරේරා
5) නුවනිදු ප්‍රනාන්දු
6) කමිඳු මෙන්ඩිස්
7) කමිල් මිෂාරා
8) විශේන් හැලඹගේ
9) දසුන් ශානක
10) දුනිත් වෙල්ලාලගේ
11)චාමික කරුණාරත්න
12) මහේෂ් තීක්ෂණ
13) දුෂාන් හේමන්ත ය
14) දුෂ්මන්ත චමීර
15)බිනුර ප්‍රනාන්දු
16) නුවන් තුෂාර
17) මතීෂ පතිරණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...