නවීන මහජන නගර බිහිකිරී‍මට චීනයෙන් නව සැලසුමක්!

කොළඹ LNW: චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය උසස් ගුණාත්මකභාවයෙන් සපිරි නාගරික සංවර්ධනය ඉදිරියට ගෙන යාම පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

නගර, නවීකරණය ජන ජීවිතයේ යහපැවැත්ම සඳහා තීරණාත්මක සාධකයක් බවයි එම මාර්ගෝපදේශ මගින් පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව වසර 2030 වන විට, නවීන මහජන නගර සංවර්ධනය මනා ප්‍රගතියක් ලබා ගනු ඇති අතර, උසස් ගුණත්වයෙන් යුත් නාගරික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රමය අඛණ්ඩව සාර්ථක වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.

එමෙන්ම සංස්කෘතික චමත්කාරය පෙන්නුම් කරමින් පරිපාලන ධාරිතාව ද කැපී පෙනෙන සේ දියුණු වනු ඇතැයි චීනය බලාපොරොත්තු වනවා. මේ ඔස්සේ 2035 වසර වන විට, චීනය නූතන මහජන නගර මූලික වශයෙන් සම්පූර්ණ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...