ගැටුම් නිරාකරණය කර ගනිමින් ඉන්දියාව සහ කැනඩාව ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් නම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 දී සික් බෙදුම්වාදී නායකයෙකුවන හර්දීප් සිං නිජ්ජාර් කැනඩාවේදී ඝාතනය කිරීමෙන් පසු බිඳ වැටුණු සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ නවතම පියවරක් ලෙස ඉන්දියාව සහ කැනඩාව එකිනෙකාගේ රටවලට නව මහ මසාරිස්වරුන් පත් කර ඇත.

2020 දී ඉන්දියාව විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලද නිජ්ජාර්, 2023 ජුනි මාසයේදී වැන්කුවර් හි සික් දේවස්ථානයක් ඉදිරිපිටදී තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ නිජ්ජාර්ගේ ඝාතනයට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධබව ප්‍රකාශ කරන ලදී.

මෙත් සමඟ කැනඩාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඉවත්විය යුතු බවට කැනඩාව නිවේදනය කිරිමත් සමඟ මහ කොමසාරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු ඉවත් කිරීමට ඉන්දියාව ද පියවරගනු ලැබූ අතර කැනඩාව සඳහා විසා පවා අවලංගු කරන ලදී.

කැනඩා නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී ජුනි මාසයේදී හමුවීමත් සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් නැවත සේවයේ පිහිටුවීමට එකඟ වූ අතර ඒ අනුව යමින්, කැනඩාව දිල්ලියේ නව තානාපතිවරයා ලෙස ක්‍රිස්ටෝපර් කූටර් නම් කර ඇති අතර, ඉන්දියාව දැනට ස්පාඤ්ඤයේ තානාපතිවරයා වන දිනේෂ් කේ පට්නායික් කැනඩාවේ නියෝජිතයා ලෙස පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...