විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ කල්තැබීමේ විවාදය අද

Date:

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ කල්තැබීමේ විවාදය සඳහා අද දිනය වෙන්කර තිබෙනවා.

විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව දිවා විවේකය පැය බාගයකට සීමා කර තිබේ.

පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම හෙට දිනයේදී පැවැත්වෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඒ පිළිබඳ විවාදය සඳහා අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 03 යන දින වෙන්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...