විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ කල්තැබීමේ විවාදය අද

Sri Lankan President Gotabaya Rajapaksa delivers his speech laying out the policies of his new government, after ceremonially opening the new session of parliament, in Colombo, Sri Lanka January 3, 2020. REUTERS/Dinuka Liyanawatte - RC278E9K95XN

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ කල්තැබීමේ විවාදය සඳහා අද දිනය වෙන්කර තිබෙනවා.

විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව දිවා විවේකය පැය බාගයකට සීමා කර තිබේ.

පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම හෙට දිනයේදී පැවැත්වෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඒ පිළිබඳ විවාදය සඳහා අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 03 යන දින වෙන්කර තිබෙනවා.

UN