ඇසළ පෙරහැර සාර්ථකව නිමා වූ බව දැක්වෙන සංදේශය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වයි!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කරමින්, පෙරහර සාර්ථකව අවසන් වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

දහවල් පෙරහර නිමාවට පත්කර සධාතුක පෙරහර කරඬුව ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව, පංචතූර්ය වාදන සහිත පෙරහරින් මහනුවර ජනාධිපති මන්දිරය දක්වා පැමිණි දියවඩන නිලමේවරයා ඇතුළු සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ප්‍රමුඛ පිරිසගේ සහභාගීත්වයෙන් මෙම සංදේශය පිළිගන්වන ලදී.

ජනාධිපතිවරයා සමඟ නිල සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යයට දායක වූ අතිවිශිෂ්ට, විශිෂ්ට සහ කුසලතා දැක්වූ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...