සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 29දින : ඇමෙරිකාව සමඟ පවතින යුද ගැටුම සහ වොෂින්ටනය විසින් තවදුරටත් දැඩි කරනු ලබන ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙස්කියාන් පවසන්නේ ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් හේතුවෙන් රටේ විදේශ වෙළඳාම සියයට 35කින් පමණ පහත වැටී ඇති බවයි. එමෙන්ම රට තුළ උද්ධමනය සියයට 66ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ඉරානයේ ආර්ථික තත්ත්වය තවදුරටත් දුර්වල කිරීමේ අරමුණින් ඇමෙරිකාව නව සම්බාධක ක්රියාමාර්ග හඳුන්වා දී තිබේ. ඉරානය සමඟ ව්යාපාරික සබඳතා පවත්වාගෙන යන විදේශ ආයතනවලට එරෙහිවද ද්විතීයික සම්බාධක පැනවිය හැකි බව වොෂින්ටනය අනතුරු අඟවා ඇත.
නවතම ක්රියාමාර්ග යටතේ ඊජිප්තුවේ Banque Misr බැංකුවට සම්බාධක පැනවීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර, ඉරානය සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතනවලටද දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
යුද්ධය සහ සම්බාධක හේතුවෙන් ඉරානයේ වෙළෙඳාම, ආනයන හා අපනයන කටයුතු මෙන්ම සාමාන්ය ජනතාවගේ ජීවන වියදමද දැඩි බලපෑමකට ලක්ව ඇත.
කෙසේ වෙතත්, ඉරාන නායකත්වය ඇමෙරිකානු පීඩනයට යටත් නොවන බව අවධාරණය කරමින්, රාජ්ය තාන්ත්රික සාකච්ඡා සහ රටේ ආරක්ෂාව යන දෙකම ඉදිරියට ගෙන යන බව පවසයි. ඒ අතරම, ඉරානය සහ මැදිහත්කරුවන් අතර සාකච්ඡා නැවත ආරම්භ වී ඇති අතර, යුද්ධය අවසන් කිරීම සහ හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

