නුවරඑළියේ ජල පෝෂක ප්‍රදේශ හෙක්ටයාර 1500ක භූමියක් ගැසට් කිරීමේ තීරණයක්!

කොළඹ LNW : නුවරඑළියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝශක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (28) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදි මෙම තීරණය ගෙන ඇත.

ජල පෝෂක ප්‍රදේශ සුරැකීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවම කර ගැනීමත්, නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීමත් සහතික කිරීම සඳහාත් රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් පරිසර හා සංවර්ධන ගැටලු කඩිනමින් විසඳීමට මෙහිදී පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම ගැසට් කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික අනන්‍යතාව රැකගනිමින් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ද හිතකර, සුරක්ෂිත හා පරිසර හිතකාමී නුවරඑළියක් බිහිකිරීම සඳහා වන සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කරන බවට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබ්.

මෙහි දී නුවරඑළිය සංචාරක කලාපයේ පිහිටි හෝටල් සහ සෙසු ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීම මෙන් ම එමෙන්ම අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමට ද උපදෙස් ලබා දී ඇත.

මෙම කමිටු රැස්වීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආච්චි ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ද දිස්ත්‍රික් ලේකම්වරිය, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී ඇත..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...