“ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ නුවරඑළියට රුපියල් මිලියන 997ක සංවර්ධන ව්‍යාපෘති..

රෂිකා හෙන්නායක අගෝස්තු 29, කොළඹ LNW :

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි. මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425කි.

සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි සියයට 46.8ක්, එනම් ව්‍යාපෘති 7,323ක්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද වෙන් කර ඇත.

ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ඊයේ (28) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ වන විට නුවර එළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 786ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84ක් බව එහිදී අනාවරණය විය.

එසේ ක්‍රියාත්මක වන සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාවෙන් 263ක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 296.19කි. තවද, ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 543.22කි.

තවද, ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකක සඳහා තාක්ෂණික උපකරණ හා පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක් ඒකකයකට රුපියල් ලක්ෂ 5 බැගින්, 2026 වර්ෂයට අදාළව රුපියල් මිලියන 182.5ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද එහිදී අනාවරණය විය. 2025 වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 365ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙසත්, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘතිවල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලැබෙන සේ ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍ය උපාලි පන්නිල මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...