රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ LNW :
සාරංග ප්රදීප් හෙවත් වැල්ලේ සාරංග නමැති සැකකරු ඩුබායි රාජ්යයේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
ශ්රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත සිදුකළ මෙම මෙහෙයුමේදී, ඔහු සන්තකයේ තිබී කොකේන් සහ අයිස් වැනි මත්ද්රව්ය හමුවී ඇති බව සඳහන් වේ.
තවත් ප්රබල අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. කෙසේ වෙතත්, මෙම වැටලීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මෙතෙක් ශ්රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.
විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන පුද්ගලයන් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

