රජයට අයත් සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
එම කර්මාන්තශාලාවේ සේවකයින් විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එහි පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
පසුගිය 25 වනදා පස්වරු 02.00 සිට සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් සිය රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණු බවත් ඒ හේතුවෙන් මූල්යමය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්යවශ්ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබාදුන් බවත් 28 දිනයේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්රධාන මෙහෙයුම් නිලධාරී විසින් දැනුම් දී තිබූ බවත් එම නිවේදනයෙන් ප්රකාශ කර ඇත.
කෙසේවෙතත්, නැවත කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ද සේවකයින් විසින් සුපුරුදු පරිදි වැඩ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාම හේතුවෙන් ඊයේ (29) සිට මෙසේ දින නියමයක් නොමැතිවම කර්මාන්තශාලාව වසා දැමීමටයි එහි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල කුමාර මහතා සිදුකළ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වේ.


