ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන්ව පක්ෂ විධායක සභාව විසින් නිල වශයෙන් තෝරාපත් කරගත් බව එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (28) දිනයේ රැස්වූ ජාජබ විධායක සභාව විසින් එම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
RN