සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ පවතින නියඟය හේතුවෙන් දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවයි.
මේ අනුව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) ප්‍රකාශ කළේ, හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බවයි.
තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ , අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??