එකතු කළ අගය මත බදු පනත් සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති අතර අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතයි.

පසුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙන්ම මුදල්, ආර්ථික ස්ථායීකරණ, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට 2023.06.05 දින පැවති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණු අතර , ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...