මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ ….

Date:

දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි රනිල් බලා සිටි. ඔවුන්ගේ මුහුණු කියා සිටින්නේ මොකක්ද? .

1930 ගණන්වල පැවැති මහා (ආර්ථික) අවපාතය (Great Depression) ට මුහුණ දීම සඳහා සිය සාමාජික රටවල් 44 අතර ආර්ථික සහයෝගීතාව ගොඩනැංවීම අරමුණු කොට දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමඟම (1944 දී ) IMF සංවිධානය පිහිටුවා ගත්තා. දැන් වෙනකොට එහි සාමාජිකත්වය රටවල් 190 ක් විතර වෙනවා. මේ රටවල් වල තිරසාර ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය එහි සරල අරමුණුයි. ඒ ඒ රටවල්වල ආර්ථික සක්‍යතාවය, ලෝක ආර්ථිකයේ තමන්ට හිමි ස්ථානය අනුව ගෙවිය යුතු සාමාජික මුදල් තීරණය වෙනවා. IMF සංවිධානය ණය ආධාර සැපයීම සඳහා අරමුදල් සපයා ගන්නේ එහෙමයි. ඒ අනුව ඒ ඒ රටවලට IMF සංවිධානයේ කෝටාවක් හිමි වෙනවා.

රටකින් ණයක් ගන්නවට වඩා IMF ණය වල පොලිය අඩුයි. අනික ණය ගෙවා ගන්න බැහැ කියලා දැනගත්තහම වෙන රටවල් කොහොමටත් ණය දෙන්න කැමති නැහැ.

1950 ඉඳලා ්‍රී ලංකාව IMF සංවිධානයේ සාමාජිකයෙක් හැටියට ඉන්නවා. 1965 ඉඳලා මේ වෙනකං ණය 16 ක්, SDR බිලියන 3.587 ක් ලබාගෙන තිබෙනවා. මේ ණයවලට ඇප නැහැ. ඒ වෙනුවට ණය ගෙවීමේ හැකියාව ඇතිවන පරිදි ආර්ථිකය හැඩගස්වා ගන්නත් ආර්ථික සමෘද්ධිය ඇති කරගන්නත් අවශ්‍ය කරන recommendations කරනවා. ඒ අනුව, ඒ රටවල පාලනාධිකාරියේ පාලනය ( control) යටතේ ඇති සාර්ව ආර්ථික විචල්‍ය (macroeconomic variables) සඳහා කොන්දේසි පැනවනවා. (උදාහරණයක් හැටියට රටේ මූල්ය සහ ණය සමස්තය , ජාත්‍යන්තර සංචිත, මූල්‍ය සමබරතාව සහ විදේශ ණය වගේ ඒවා)

දුප්පතුන්ට දෙන සහනාධාර කපන්න, නිදහස් අධ්‍යාපනය නවත්තන්න, සෞඛ්‍ය සේවා කපා හරින්න වගේ දේවල් කියන්නේ නැහැ. අයවැය හිඟය අඩු කරගන්න වගේ එකක් කියනවා. ඒ සඳහා රාජ්‍ය වියදම් කපා හැර රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න ආණ්ඩුවකට සිද්ධ වෙනවා. වියදම කපා හරින්න ෞඛ්‍ය සේවය කපා හරිනවාද, ආයදායම වැඩිකර ගන්න රටේ සම්පත්/දේපළ විකුණනවද කියන තීරණය තියෙන්නේ ආණ්ඩුව අතේ.

ඉන්දියාව අන්තිමට IMF ලෝන් එකක් ගත්තේ 1993. ඒ වෙනකොට මුදල් ඇමතිවෙලා හිටියේ මං මෝහන් සිං, අගමැති නරසිංහ රාවෝ. දෙන්නටම ආර්ථික විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තිබ්බා. රට දේශපාලනික වශයෙන් අර්බුදයකට ලක්විය හැකි කොන්දේසි වලට එකඟ වුණේ නැහැ. දෙගොල්ලොම එකතුවෙලා ආර්ථිකයට ගැලපෙන විදිහේ දාගත්ත කොන්දේසි වලට අනුව රට ඉදිරියට ගියා. 2000 මැයි 31 වෙනකොට සම්පූර්ණ ණය මුදල ගෙවලා ඉවර කළා. එදා ඉඳන් තවමත් IMF එකට යන්න තරං ආර්ථික අර්බුදයක් ඉන්දියාවට ඇතිවුණේ නැහැ. කොරෝනා වලින් කොච්චර බැට කෑවත් අර්බුදයට ගියේ නැහැ.

අපි උදාහරණ වලට ගන්නේ ලංකාව වගේම බංකොලොත් පාලනයන් තිබිලා IMF ලෝන් අරන් ඇන ගත්ත රටවල් විතරයි.

ඡන්ද කාලෙ තමන් ආපුවාම අරව කරනවා මේවා කරනවා කියලා පොරොන්දු දීලා මූල්‍ය සමබරතාව (fiscal balance) බිඳ ගත්තොත් එහෙම ඉතින් අබ සරණයි! තමයි. ඊට පස්සේ IMF එකට දෙස් දෙවල් තියලා වැඩක් නෑ.

~ අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...