අපට හෙල්ලෙන දතක් වගේ නෙවෙයි ශක්තිමත් ආණ්ඩුවක් ඕනා. අපි කාටවත් ණයත් නෑ, බයත් නෑ – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ජනාධිපති ධුරයට පත්වූ පසුව මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම් සහමුලින්ම තුරන් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපට ආණ්ඩුවක් ඕනා, හෙල්ලෙන දතක් වගේ නෙවෙයි ශක්තිමත් ආණ්ඩුවක් ඕනා. ඇයි ඒ ? මේ රට හදන්න ඉතාමත් වැදගත් තීන්දු කිහිපයක් ගන්න ඕනෙ. අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා සල්ලි තියෙනවාද සල්ලි නැද්ද, බලය තියෙනවාද බලය නැද්ද, ඒ කිසි භේදයකින් තොරව නීතිය හැමදෙනාටම සමාන රටක්, වැඩ කරන්න පුළුවන් රටක් හදනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පළමු තැන, නීතිය සහිත රටක්. අපි තමුන්නාන්සෙලාට සහතිකයක් දෙන්නම්, අපි පොඩි මිනිස්සු. ගම්වල මිනිස්සු. හැබැයි අපි ඔය කාටවත් ණයත් නෑ, බයත් නෑ, ඔය පාතාලයයි කුඩු වසංගතයයි ලංකාවෙන් තුරන් කරනවා. අපෙ දරුවෝ මේකෙන් බේරාගන්න ඕනෙ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පොලොන්නරුවේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...