හකීම්ලාට වාරණයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය එළැඹෙන 11 වනදා දක්වා බලපැවැත්වෙයි.

අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අගෝස්තු මස 04 වනදා රැස්වූ අතර එම උත්තරීතර මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් එහිදී පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබුණ ද එම තීරණය තමන්ට දැනුම්දී නොතිබූ බවත් පැමිණිකරු කියා තිබේ.

එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව සහ විනය ක්‍රියාමාර්ගයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බවයි අලි සහිර් මවුලානා මහතා සඳහන් කර තිබුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...