ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව හූති කැරළිකරුවන් පුපුරවා හරී!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබේ.

ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් විය.  හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.

මේ අතර යේමනයේ හුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සඳහන් ය.ඒ තම සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් වන බව පවසමිනි.යේමනයේ හූති කැරලිකරුවන්ගේ නායකයා විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල් සතුරාට එරෙහි ප්‍රතිචාරයක් සඳහා අපගේ සූදානම දිගටම සිදුකරමින් සිටින බවත් සතුරා පුදුමයට පත් කිරීමට සුදානම් බවත් හුති නායක අබ්දෙල්-මලෙක් අල්-හූති පවසා ඇත.පසුගිය සතියේදී ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද හුති නායකයා සතුට පළකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 11) දිනයේදී බස්නාහිර, සබරගමුව...

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර...

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...