උද්දිකගේ මෝටර්රථයට වෙඩි තැබීමේ සිද්ධිය යළි උඩට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30, කොළඹ LNW:

පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර්රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේමස්ත්‍රාත් පී එච් ඩබ් ඩ් එල් සමරසිංහ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර, මෙහිදි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උදෘත ඉකුත් පෙබරවාරි මස 17 දින නීතිපති උපදෙස් සඳහා නීිතිපතිවරයා වෙත යවා ඇති බවයි.

නමුත් ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...