CID භාරයට ගැනුණු බැකෝ සමන්ගේ බිරිදගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 30, කොළඹ LNW:

ඊයේ(29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණු බැකෝ සමන්ගේ බිරිදගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.

පොලීසිය සඳහන් කළේ , ඇය සමග අත්අඩංගුවට පත්වූ කෙහෙලිබද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 06 දෙනා හෙට(31) දිනයේ මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවය.

ඒ සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අද(30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ආසන්න ප්‍රදේශයකදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්,  පානදුරේ නිලංග හා තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට පත්වුනේ ශ්‍රී ලංකා පොලීසිය ඉන්දුනීසියානු පොලීසිය හා ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව කල මෙහෙයුමකදී බව වාර්තා විය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...