ඉන්දුනීසියාවේ කුලී රථ රියදුරෙකුගේ මරණයට එරෙහිව පැවති විරෝධතාවලින් තිදෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අඩු වැටුප් සහ දේශපාලනඥයන්ගේ වියදම් සම්බන්ධයෙන් පැවති විරෝධතාවකදී පොලිස් ප්‍රභූ ජංගම බලකා බලකායේ පැරාමිලිටරි පොලිස් ඒකකයේ යටවී මියගිය 21 හැවිරිදි අෆාන් කුර්නියාවන්ගේ මරණයට විරෝධය පල කරමින් පැවති උත්ඝෝෂනයන්හිදී තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ඉන්දුනීසියාවේ කලාපීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක විරෝධතාකරුවන් විසින් ඇති කරන ලද ගින්නකින් මෙම මරණ සිදුව ඇති අතර පස් දෙනෙකු ද තුවාල ලබා තිබේ.

ඉන්දුනීසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, රට පුරා වෙනත් තැන්වල ප්‍රචණ්ඩ ගැටුම් ඇති වී ඇති අතර ජකර්තා සහ සුරබේ , ජාවා බරත්, සුරකර්තා, බන්ඩුං සහ මේදන් යන ප්‍රදේශවල ද විරෝධතා පවත්වා තිබු අතර වාහන දුසිම් ගණනක් ද ගිනි තබා ඇත.

මෙම විරෝධතා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝගේ වසරකටත් අඩු ධුර කාලය තුළ ඇති විශාලතම හා වඩාත්ම ප්‍රචණ්ඩකාරීම විරෝධතාව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...