වෙළඳ ඇමතිගේ බිත්තර ගැසට්ටුවත් රිවස් – බිත්තර මිල 05 කින් ඉහළට

Date:

සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල රුපියල් 50 ක් දක්වා වැඩි කෙරේ.

සුදු බිත්තරයක් රුපියල් 43 ක් සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක් ලෙස මිල නියම කරමින් වෙළඳ අමාත්‍යවරයා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර බිත්තර නිෂ්පාදකයන් ප්‍රකාශ කළේ එම මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි.

බිත්තරයක නිෂ්පාදන වියදම පියවා ගැනීමට හෝ එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන නිෂ්පාදකයන් ඉල්ලා සිටියේ අවම වශයෙන් රුපියල් 50 ක් දක්වා හෝ මිල ඉහළ දමන ලෙසයි. ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් නිෂ්පාදකයන් බිත්තර තොග වෙළඳපොලට නිකුත් කිරීමද අත්හිටුවා තිබිණි.

බිත්තර නිෂ්පාදකයන් අඛණ්ඩව සිදුකළ ඉල්ලීම් සලකා බලා රුපියල් 50 දක්වා මිල ඉහළ දැමීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යංශ නිළධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවයි.

ගැසට් නිවේදනය මගින් බිත්තර මිල පාලනය කිරීමට පෙර රුපියල් 60 – 70 අතර මුදලකට සිල්ලර වෙළඳපොලේ බිත්තර අලෙවි කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!