මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට !

0
169

මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් භාවිතයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN