ලංකාවෙ තත්වයට වැටෙන්න දෙන්නෙ නෑ – බංග්ලාදේශ අගමැතිනිය එරට ජනතාවට සහතික වෙයි

Date:

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වයට තම රට වැටීමට ඉඩ නොතබන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පවසනවා. සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය ඉදිරියටම යන බවයි අගමැතිනිය අවධාරණය කරන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂ පාලනය තුළදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව වැනි තත්වයකට වැටීමේ අවදානමක් තිබූ නමුත් අවාමි ලීගය ප්‍රමුඛ රජයක් තුළදී එවැනි අවාසනාවන්ත තත්වයක් කිසිවිටෙකත් ඇති නොවන බව ඇය සඳහන් කරනවා.

බංග්ලාදේශයේ ජාතියේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මන්ගේ 47 වැනි සංවත්සරය නිමිත්තෙන් බංගබන්දු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ උත්සවයක් අමතමින් බංග්ලාදේශ අගමැතිනිය මෙම කරුණු සඳහන් කර තිබේ.

මෑත කාලය තුළ ලොව අසාර්ථකම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර බොහෝ රාජ්‍ය නායකයන්, අසාර්ථක රාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට පටන් ගෙන තිබේ. මීට පෙර පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාද ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට පකිස්තානයද පත්වීම වළක්වා ගැනීම තම අභිප්‍රාය බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...