*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සමරිසි කතකට පීඩක දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් අධිකරණ නියෝගයක්!

මීට කලකට ඉහත සමරිසි අනන්‍යතාවක් ඇති කාන්තාවකට ඇගේ දෙමාපියන්ගන් සිදුවූ වධහිංසනයක් සහ ඊට පොලීසියේ අනුග්‍රහය ලැබීම පිළිබඳවත්, සිදුවීමට අදාළව අධිකරණය විසින් ප්‍රගතිශීලී තීන්දුවක් ලබා දුන් අන්දම පිළිබඳවත් තොරතුරු අපි ඔබට වාර්තා කළෙමු.

දැන් වාර්තා වන අන්දටම, එම කාන්තාවට සිය පීඩක දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් කොළඹින් පිටත අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණ නියෝගයක් හරහා සමරිසි පුද්ගලයකුට මෙවන් සිදුවීමකට අදාළව ආරක්ෂාවක් ලබා දුන් ලංකාවේ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‍මෙම කාන්තාව, තම දෙමාපියන් අතින් දරුණු ලෙස අපයෝජනයට ලක්ව ඇති අතර, ඇගේ ලිංගික දිශානතිය මත සති ගණනක් පුරා අනීතික අන්දමින් තම නිවසේ සිරකර තබා තිබුණි. ඈ සමරිසි කාන්තාවක වීම පදනම් කරගනිමින් වැලිසර මහබාගේ පොලීසියේ සහාය ද ඇතිව ඈට විරුද්ධව නඩු පැවරීමට ඇගේ දෙමාපියන් උත්සාහ දරා තිබිණි.

ඇගේ ලිංගික දිශානතිය (sexual orientation) හේතුවෙන් ඈ මනෝවෛද්‍ය සහ ඇගේ සමරිසිභාවය පිළිබඳ ‘සාක්ෂි’ සොයා ගැනීම සඳහා ශාරීරික පරීක්ෂණයකට ලක්කිරීමට පොලීසිය උත්සාහ දරා ඇත. විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මෙසේ බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකිරීම පිළිබඳ වාර්තා මීට ඉහත අවස්ථාවල මාධ්‍ය විසින් අනාවරණය කර ඇති අතර, මේ ඊට ආසන්නතම සිදුවීමයි.

වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෂෙවින්ද්‍රි මැනුවෙල්, ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ, එරන්දි අබේනායක, ජෙරුෂා ක්‍රොසෙට් තම්බියා, දිලුමි ද අල්විස් සහ තිෂ්‍යා වේරගොඩ යන නීති කණ්ඩායම නොමිලේ නීතී සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ හා කටයුතු කරමින්, සමලිංගිකත්වය අපරාධයක් හෝ මානසික රෝගයක් නොවන බවට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාර්ථකව කරුණු ඉදිරිපත් කිරීම මත අදාළ නඩුව නිශ්ප්‍රභා කිරීමට අධිකරණය කටයුතු කරන ලදී.

කෙසේවෙතත්, අදාළ වින්දිත කාන්තාව සිය සහකාරිය සමඟ කොළඹින් පිට ආරක්ෂිත ස්ථානයකට යෑමෙන් අනතුරුව ද තම දෙමාපියන්ගෙන් දිගින් දිගටම හිරිහැර සිදුව ඇති අතර, ඔවුන්ගෙන් තවදුරටත් සිදුවන හිරිහැරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඈ තමා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්ගෙන් ඉල්ලා ඇත්තේ තමාට ආරක්ෂාව සපයා දෙන ලෙසයි.

මීට අමතරව, ඇගේ සියලු පෞද්ගලික බඩු බාහිරාදිය, අධ්‍යාපන සහතික සහ හැඳුනුම්පත් ආදිය ඇගේ දෙමාපියන්ගේ සන්තකයෙන් මුදා හැරිය යුතු බවට ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ඇත.

මෙම අධිකරණ ක්‍රියාමාර්ගය සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවාදයට එකතු වන වැදගත් නිර්වචනයක් වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ නීතිවිද්‍යාවේ පරිණාමය විකාශනය කරන බව නීති විශාරදයන්ගේ මතයයි.

මේ අතර, ඉකුත් දිනක ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා විසින් සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් වරදකරුවන් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වගන්ති සංශෝධනය විය යුතු බවට යෝජනා කරමින් පෞද්ගලික් මන්ත්‍රී යෝජනාවක් ඉදරිපත් කළ අතර, ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතිත්වයෙන් යුතු “එක රටක් – එක නීතියක්” ජනාධිපති කොමිසම හරහා ද සමරිසි පුද්ගලයන් අපරාධකරුවන් කරන නීති සංශෝධනය විය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. එමෙන්ම, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත අනුමත වූ හදිසි රෙගුලාසි වලින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් කිරීමට නීතිමය පදනමක් වැටෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වගන්ති ඉවත් කර දැමීමට ජනාධිපතිවරයා ගැසෙට්ටුවක් නිකුත් කළේය. තවද, ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීමක් සිදුකරන නීතීයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එසේ තිබෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු අන්දමේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුව (CEDAW) හමුවේ ඉකුත් මාර්තු මස ප්‍රතිඥා ලබා දී ඇත.

කෙටි කලක් තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට අදාළ ක්‍රියාමාර්ග රැසක් එකවර කරළියට ආ වසරක් ලෙස 2022 වර්ෂය හැඳින්විය හැකි මුත්, රජය පාර්ශවයෙන් LGBTIQ ප්‍රජාව වෙත ලබා දී ඇති මෙම අනුග්‍රහය රට මුහුණ පා ඇති වත්මන් අර්බුදය තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හඬ අවදි වීම වැළැක්වීම සඳහා යොදනු ලබන උපායමාර්ගයක් නොවනු ඇති බව තමා අපේක්ෂා කරන බවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ.

සංස්කාරක (LGBTIQ)

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan