සටහන – රුවන් නෙළුගොල්ල
තිරිඟු පිටි කිලෝග්රෑම් එකක මිල රුපියල් 17කින් ඉහළ ගියේ ලෝකයට බලපා ඇති යුධමය තත්වය නිසා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්ය අමාත්ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
“ලෝකයට බලපාලා තියෙන යුධමය තත්වය ඇතුළේ භාණ්ඩ ප්රවාහනය සහ රක්ෂණ ගාස්තු කියන එක හරහා විශේෂ මිලක් වැඩිවීම නැත්නම් ගාස්තුවක් වැඩිවීම විසින් ඇතිවෙච්චි තත්වයක් තියෙනවා. ඒවා ආනයනය කරන භාණ්ඩවලට එකතු වෙනවා. රජයක් හැටියට මහජනතාවට වෙන පීඩාව අවම කිරීම වෙනුවෙන් සැලකියයුතු මැදිහත්වීමක් අමාත්යාංශ, දෙපාර්තමේන්තු පැත්තෙන් වගේම ජනාධිපතිවරයා හැටියටත් මැදිහත්වීමක් කරනවා”
ආර්. එම්. ජයවර්ධන නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ මොනරාගල ප්රදේශයේ නළලිං අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


